ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ යුද තර්ජන හමුවේ ඉරානය කිසිසේත්ම යටත් නොවන බවත්, ඕනෑම ගොඩබිම් ප්‍රහාරයකට මුහුණ දීමට තම රට සූදානම් බවත් ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි (Abbas Araghchi) අවධාරණය කරයි. ඇමෙරිකානු මාධ්‍ය ජාල කිහිපයක් සමඟ සජීවී සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු පෙන්වා දුන්නේ, ගොඩබිම් සටනකදී ඇමෙරිකානු හමුදාව පරාජය කිරීමට තරම් ඉරානය ශක්තිමත් බවයි.
“එන්න කියන්න, ඇමෙරිකන් හමුදාව එනකල් තමයි අප බලන් ඉන්නේ,” යැයි ඉතා සන්සුන්ව පිළිතුරු දෙමින් අමාත්‍යවරයා පැවසීය. ඉරානය යනු කිසිවෙකුගේ බලපෑම්වලට හෝ තර්ජනවලට යටත් වන ජාතියක් නොවන බවත්, ඇමෙරිකාවට කිසිවක් බලහත්කාරයෙන් ඉරානය මත පැටවිය නොහැකි බවත් ඔහු මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය. ට්‍රම්ප් පාලනය විසින් ඉරානයට යටත් වන ලෙස දන්වා ඇති පසුබිමක, ඉරාන විදේශ අමාත්‍යවරයාගේ මෙම ප්‍රකාශය ජාත්‍යන්තර අවධානයට ලක්ව තිබේ.














