මැදපෙරදිග යුද්ධය ආරම්භ වූ දා සිට මේ දක්වා ඉරානයේ පාසල් සිසුන් සහ ගුරුවරුන් 200කට ආසන්න පිරිසක් මියගොස් ඇති බව ඉරාන රජයේ මාධ්‍ය ප්‍රකාශිකා ෆාතිමේ මොහජෙරානි තහවුරු කරයි. පවතින ප්‍රහාර හමුවේ ඉරානය පුරා පාසල් 120කට පමණ හානි සිදුව ඇති අතර, ටෙහෙරාන නගරයේ සංකේතයක් බඳු ‘ආසඩි’ කුලුනට ද දැඩි හානි සිදුව ඇති බව වාර්තා වේ.
ඉරාන රතු අඩසඳ සංගමය පවසන පරිදි ඇමෙරිකානු සහ ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් පුද්ගලයින් 42,914 දෙනෙකුට අයත් නිවාස සහ වාණිජ ගොඩනැගිලි විනාශ වී තිබේ. මීට අමතරව රට පුරා පිහිටි සෞඛ්‍ය මධ්‍යස්ථාන 160කට වැඩි ප්‍රමාණයකට ද හානි සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.














