අමෙරිකාව සහ ඊශ්‍රායලය සමඟ පවතින ගැටුම් උත්සන්න කරමින්, හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කිරීමට උත්සාහ කරන ඕනෑම පාර්ශවයක් “ගිනිබත් කරන” බවට ඉරාන නිලධාරියෙකු කළ ප්‍රකාශයත් සමඟ අද (03) ලෝක බලශක්ති වෙළෙඳපොළ දැඩි කම්පනයකට ලක් විය. ඒ අනුව බ්‍රෙන්ට් (Brent) බොරතෙල් මිල 3.2% කින් ඉහළ ගොස් බැරලයක් ඩොලර් 80 සීමාව ඉක්මවා ගිය අතර, ද්‍රව ස්වාභාවික වායු (LNG) මිල 30% කින් පමණ වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබේ. ලෝකයේ බොරතෙල් සැපයුමෙන් පහෙන් එකක් පමණ ප්‍රවාහනය කෙරෙන හෝමුස් සමුද්‍ර සන්ධිය අවහිර වීමේ අවදානම හමුවේ ආයෝජකයින් දැඩි කලබලයට පත්ව සිටින අතර, මේ හේතුවෙන් යුරෝපීය සහ ආසියානු කොටස් වෙළෙඳපොළවල් තවදුරටත් පහත වැටෙමින් පවතී. මෙම බලශක්ති මිල ඉහළ යාම ඉදිරියේදී ගෝලීය උද්ධමනය ඉහළ නැංවීමට සහ පොලී අනුපාත කෙරෙහි බලපෑම් කිරීමට ඉඩ ඇති බව ආර්ථික විශේෂඥයෝ පෙන්වා දෙති.














