ඉරාන උත්තරීතර ජාතික ආරක්ෂක මණ්ඩලයේ වැඩබලන ප්‍රධානියා විසින් අද පස්වරුවේ විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් ඇමරිකාව සහ ඊශ්‍රායලය වෙත දැඩි අනතුරු ඇඟවීමක් සිදු කර තිබේ. තම රටේ නායකත්වය ඉලක්ක කරගනිමින් එල්ල වූ මාරක ප්‍රහාරවලට ප්‍රතිචාර වශයෙන් “ලෝකය මෙතෙක් දැක නැති” (Never seen before) ආකාරයේ ප්‍රබල හමුදා බලයක් සහ ප්‍රහාරක උපක්‍රම ඉදිරි පැය කිහිපය තුළ භාවිත කරන බව ඔහු අවධාරණය කළේය. මෙම ප්‍රකාශයත් සමඟ මැදපෙරදිග කලාපය පුරා පවතින ඇමරිකානු කඳවුරු සහ ඊශ්‍රායලයේ ප්‍රධාන නගර වෙත එල්ල විය හැකි අවසාන මට්ටමේ ප්‍රහාර පිළිබඳව දැඩි බියක් හටගෙන තිබේ.
ආරක්ෂක විශ්ලේෂකයන් ප්‍රශ්න කරන්නේ ඉරානය සතු මෙම “පෙර නොවූ විරූ” බලය කුමක් විය හැකිද යන්නයි. බටහිර බුද්ධි අංශ සැක පළ කරන්නේ ඉරානය සතුව රහසිගතව නිපදවන ලද ‘හයිපර්සොනික්’ (Hypersonic) මිසයිල පද්ධති, මරාගෙන මැරෙන ඩ්‍රෝන රංචු (Drone Swarms) හෝ සයිබර් ප්‍රහාර හරහා සතුරාගේ යටිතල පහසුකම් අකර්මන්‍ය කිරීමේ හැකියාව මෙහිදී අදහස් කරන බවයි. වඩාත් භයානක කරුණ වන්නේ, කමේනිගේ අභාවයෙන් පසු න්‍යෂ්ටික ෆත්වා නියෝගය අහෝසි වී ඇති පසුබිමක, ඉරානය සතු ‘න්‍යෂ්ටික අවියක්’ හෝ ‘ඩර්ටි බොම්බ්’ (Dirty Bomb) වර්ගයේ අවියක් භාවිත කිරීමට ඇති ඉඩකඩයි. මේ වන විට ඉරාන මිසයිල බලඇණි සියල්ල රහසිගත භූගත මධ්‍යස්ථානවල සිට සක්‍රීය කර ඇති බව චන්ද්‍රිකා දර්ශන මගින් තහවුරු වේ.














