ශ්‍රී ලංකා මුහුදු සීමාව ආසන්නයේදී ඇමෙරිකානු සබ්මැරීන ප්‍රහාරයකින් විනාශ වූ ‘IRIS Dena’ ඇතුළු ඉරාන යුධ නැව් තුනකට ඉන්දීය වරායන්හි නැංගුරම් ලෑමට ඉන්දියාව පෙර අවසර ලබා දී තිබූ බව එරට රජය අද (09) පාර්ලිමේන්තුවේදී අනාවරණය කළේය.
ඉරානය විසින් සිය යුධ නැව් තුනක් සඳහා ඉන්දියාවේ රැකවරණය ඉල්ලා ඇත්තේ පසුගිය පෙබරවාරි 28 වැනිදාය. එනම් ඊශ්‍රායලය සහ ඇමෙරිකාව ඉරානයට ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කළ දිනයේදීමය. ඒ අනුව මාර්තු 01 වැනිදා ඉන්දියාව එම නැව් සඳහා අවසර ලබා දී තිබේ. අවසරය ලබා දී දින කිහිපයකට පසු, එනම් මාර්තු 04 වැනිදා අලුයම ශ්‍රී ලංකා වෙරළට ඔබ්බෙන්දී ඇමෙරිකානු සබ්මැරීනයක් එල්ල කළ ටොර්පිඩෝ ප්‍රහාරයකින් ‘IRIS Dena’ නෞකාව ගිල්වා දැමුණි. මෙහිදී කාර්ය මණ්ඩලයේ 90කට ආසන්න පිරිසක් මියගිය අතර 32 දෙනෙකු ශ්‍රී ලංකා බලධාරීන් විසින් බේරාගනු ලැබීය.
ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයශංකර් මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ, ඉතිරි නෞකාවක් වන ‘IRIS Lavan’ හට කොචින් වරායට පැමිණීමට අවසර දීම රජය ගත් නිවැරදි තීරණයක් බවයි. කලාපීය ආරක්ෂාව සහ මානුෂීය අවශ්‍යතා සලකා මෙම තීරණය ගත් බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. බටහිර ආසියාවේ ගැටුම් උත්සන්න වන පසුබිමක ඉන්දියාව සහ ඉරානය අතර පවතින මෙම සබඳතාවය ජාත්‍යන්තර දේශපාලනයේ දැඩි අවධානයට ලක්ව තිබේ.














