ඇමෙරිකාව සහ ඉරානය අතර පවතින දරුණු යුදමය තත්ත්වය හේතුවෙන් 2026 FIFA පාපන්දු ලෝක කුසලාන තරඟාවලියට සහභාගී නොවන බව ඉරානය නිල වශයෙන් ප්‍රකාශ කර තිබේ. ඉරාන ක්‍රීඩා අමාත්‍ය අහමඩ් දොන්යමාලි (Ahmad Donyamali) රජයේ රූපවාහිනිය හරහා ප්‍රකාශ කර ඇත්තේ තම නායකයින් ඝාතනය කළ “දූෂිත පාලනයක්” යටතේ පවතින රටක (ඇමෙරිකාවේ) පවත්වන තරඟාවලියකට කිසිදු හේතුවක් මත සහභාගී නොවන බවයි.
ඉරානය දැනටමත් 2026 ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලබා තිබූ අතර, ඔවුන්ගේ මෙම ඉවත් වීමත් සමඟ තරඟාවලියේ හිස්වන ස්ථානය සඳහා වෙනත් කණ්ඩායමක් තෝරා ගැනීමේ දැඩි අර්බුදයකට ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය (FIFA) මුහුණ දී සිටියි. 2026 ලෝක කුසලානය ඇමෙරිකාව, කැනඩාව සහ මෙක්සිකෝව යන රටවල සම සත්කාරකත්වයෙන් පැවැත්වීමට නියමිතව ඇත.
ඉරානය වෙනුවට ආසියානු කලාපයෙන් (AFC) වැඩිම ප්‍රසාද ලකුණු ලබා සිටින හෝ සුදුසුකම් ලැබීමේ වටයේ මීළඟට ඉදිරියෙන් සිටින කණ්ඩායමක් ආදේශ කිරීම කෙරෙහි FIFA අවධානය යොමු කර තිබේ. එක්සත් අරාබි එමීර් රාජ්‍යය (UAE) හෝ උස්බෙකිස්ථානය වැනි කණ්ඩායම් මේ සඳහා වැඩි ඉඩක් පවතින බවට ක්‍රීඩා විචාරකයෝ මත පළ කරති.














