පවතින යුදමය වාතාවරණය සහ දේශපාලනික අස්ථාවරත්වය සැලකිල්ලට ගනිමින් මෙවර FIFA ලෝක කුසලාන පාපන්දු තරගාවලියට සහභාගී නොවීමට ඉරානය තීරණය කර ඇති බව එරට ක්‍රීඩා අමාත්‍ය අහමඩ් ඩොනියමාලි (Ahmad Doniyamali) මහතා නිල වශයෙන් ප්‍රකාශ කර තිබේ. කලාපය තුළ උත්සන්න වී ඇති ගැටුම්කාරී තත්ත්වය සහ පවතින ආරක්ෂක අවදානම හේතුවෙන් මෙම තීරණය ගත් බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත.
ඉරානය යනු ආසියානු කලාපයේ ප්‍රබල පාපන්දු කණ්ඩායමක් වන අතර, ඔවුන් මෙලෙස ලෝක කුසලානයෙන් ඉවත් වීම ජාත්‍යන්තර ක්‍රීඩා ලෝකයේ දැඩි අවධානයට ලක්ව තිබේ. මැදපෙරදිග කලාපයේ පවතින යුද ගිනි දැල් ක්‍රීඩා ක්ෂේත්‍රය වෙත ද ඍජුවම බලපෑම් එල්ල කර ඇති බව මෙමගින් යළිත් තහවුරු වේ. මෙම තීරණය සම්බන්ධයෙන් FIFA ආයතනය මෙතෙක් නිල ප්‍රකාශයක් නිකුත් කර නොමැති අතර, ක්‍රීඩා ලෝලීන් මෙම පුවතත් සමඟ දැඩි කම්පනයට පත්ව සිටිති.














