ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ රැඳී සිටි ඉරාන නාවිකයින් පිරිසක් සහ මියගිය නාවිකයින්ගේ දේහයන් යළි ඉරානය වෙත රැගෙන යාමට පියවර ගෙන තිබේ. ඉන්දියාවේ කොචින් වරායේ තිබූ ‘අයිරිස් ලවාන්‘ නෞකාවේ සිටි පිරිසක් විශේෂ ගුවන් යානයකින් ආමේනියාව වෙත රැගෙන ගොස් ඇති අතර, එතැන් සිට ගොඩබිම් මාර්ගය ඔස්සේ ඔවුන්ව ඉරානයට රැගෙන යනු ඇත.
මේ අතර, ශ්‍රී ලංකාව ආසන්න මුහුදේදී ප්‍රහාරයට ලක්වූ ‘අයිරිස් ඩෙනා‘ නෞකාවේ මියගිය නාවිකයින් 84 දෙනාගේ දේහයන් ද ඊයේ (13) විශේෂ ගුවන් යානයකින් ඉරානය වෙත යොමු කෙරිණි. එම නෞකාවෙන් මුදාගත් නාවිකයින් 32 දෙනාගෙන් සුවය ලැබූ 28 දෙනෙකු මේ වන විට කොග්ගල ගුවන් හමුදා කඳවුරේ රඳවා සිටින අතර, තවත් සිව් දෙනෙකු කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිති. තවද, වැලිසර නාවික හමුදා කඳවුරේ රඳවා සිටින තවත් ඉරාන නාවිකයින් 204 දෙනෙකු සම්බන්ධයෙන් විදේශ අමාත්‍යාංශ මට්ටමින් සාකච්ඡා ආරම්භ කර ඇත.














