ඉරානය සහ ඇමරිකානු – ඊශ්‍රායල ඒකාබද්ධ හමුදා අතර පවතින දරුණු යුදමය වාතාවරණය හමුවේ ඉරාන ජාතික මුදල් ඒකකය වන ‘රියාල්’ (Rial) ඉතිහාසයේ දරුණුතම කඩාවැටීමට අද (01) මුහුණ දී තිබේ. විදෙස් වෙළඳපොළ දත්තයන්ට අනුව, ඉරාන රියාල් මුදලේ වටිනාකම මේ වන විට සාමාන්‍ය වැසිකිළි කඩදාසි රෝලක (Toilet Paper) වටිනාකමටත් වඩා පහළ මට්ටමකට වැටී ඇති බව ආර්ථික විශ්ලේෂකයෝ පවසති. ටෙහෙරාන් නුවර කළු කඩයේ (Black Market) ඇමරිකානු ඩොලරයක වටිනාකම රියාල් මිලියන 1.6 ඉක්මවා ගොස් ඇති අතර, මෙය ඉරාන ආර්ථිකයේ සම්පූර්ණ බිඳවැටීමක් ලෙස සැලකේ.
මෙම තත්ත්වය හමුවේ ඉරාන වැසියන් සිය ඉතුරුම් සහ මුදල් භෞතික භාණ්ඩ, රත්තරන් හෝ විදේශීය මුදල් ඒකක වෙත කඩිනමින් පරිවර්තනය කිරීමට උත්සාහ කරමින් සිටිති. “දැන් අපට රියාල් නෝට්ටු මිටියක් දී ලබාගත හැක්කේ පාන් ගෙඩියක් පමණයි” යනුවෙන් ටෙහෙරාන් නුවර වෙළෙන්දෝ පවසති. යුද්ධය හේතුවෙන් ඉරානයේ තෙල් අපනයනය නතර වීම සහ මධ්‍යම බැංකුවේ පාලනය ගිලිහී යාම මෙම හයිපර්-උද්ධමනයට (Hyper-inflation) සෘජුවම බලපා තිබේ. ඇතැම් ජාත්‍යන්තර මුදල් පරිවර්තන වෙබ් අඩවි පවා ඉරාන රියාල්හි වටිනාකම බිංදුවක් ලෙස (0.00) ප්‍රදර්ශනය කිරීමට පටන් ගෙන ඇත්තේ එහි පවතින අතිශය අඩු වටිනාකම ගණනය කිරීමට ඇති අපහසුව හේතුවෙනි.














