ඉරාක පාර්ලිමේන්තුව විසින් එරට නව ජනාධිපතිවරයා ලෙස කුර්දි ජාතික දේශපාලනඥයෙකු වන නිසාර් අමේදි (Nizar Amedi) අද (11) තේරී පත් කර ගෙන තිබේ. පසුගිය නොවැම්බර් මාසයේ පැවැති මහ මැතිවරණයෙන් අනතුරුව මෙම පත්වීම සිදු කර ඇති බව වාර්තා වේ.
නව ජනාධිපතිවරයා පත් කර ගැනීමත් සමඟ ඉරාකයේ පවතින දේශපාලන ස්ථාවරත්වය තහවුරු වනු ඇතැයි දේශපාලන විචාරකයෝ අපේක්ෂා කරති. ඉරාකයේ පවතින සම්ප්‍රදායට අනුව ජනාධිපති ධුරය සාමාන්‍යයෙන් කුර්දි ජාතිකයෙකුට හිමි වන අතර මෙම පත්වීම ද එම සම්ප්‍රදායට අනුකූලව සිදු වූවකි.














