ඇමරිකානු සබ්මැරීන ප්‍රහාරයකින් ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඔබ්බෙන් ගිලී ගිය ‘IRIS Dena’ ඉරාන යුද නෞකාවේ සිටි පුද්ගලයන්ගේ සිරුරු 80ක් පමණ මේ වන විට සොයාගෙන ඇති බව විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අරුණ හේමචන්ද්‍ර මහතා තහවුරු කරයි. නැගෙනහිර ඉන්දියාවේ වරායක සිට යළි ඉරානය බලා ගමන් කරමින් තිබියදී මෙම ප්‍රහාරයට ලක්වූ නෞකාවේ ආපදා අවස්ථාවේදී පුද්ගලයන් 180ක් පමණ සිටින්නට ඇති බවට විශ්වාස කෙරේ. අතුරුදහන් වූ සෙසු පිරිස සෙවීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක වන අතර මෙය වත්මන් ගැටුම් මාලාවේ වාර්තා වූ දරුණුතම ජීවිත හානියක් සහිත නාවික ප්‍රහාරය ලෙස සැලකේ.














