• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

රට අමාරුවෙන් සොයා ගන්නා ඩොලර් ටික ජනපතිගේ විදෙස් සංචාරවලට යොදා ගැනීම යුක්ති සහගතද?මන්ත්‍රී තිස්ස 

2 October 2023
in දේශීය

ලබන අවුරුද්දේ රටට දරුණු ආර්ථික ප්‍රතිවිපාක අත්විදිමට සිදුවන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අනතුරු අඟවා තිබෙන බවත් සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පවසයි.

ඒ මහතා මේ බව සඳහන් කළේ ඊයේ (01) කොළඹ විපක්ෂනායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදීය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් රටේ ජනතාව පීඩාවට පත්කරන කාරණාවලින් ඉවත් වී රටේ ආදායම වැඩිකර ගැනීමට සහ රටේ නිෂ්පාදන වැඩිකිරීමට ක්‍රියාමාර්ග කඩිනම් කළ යුතුව ඇති බව හෙතෙම අවධාරණය කළේය.

විදුලි බිල නැවත වතාවක් වැඩිකළහොත් විදුලිය භාවිතයෙන් ජනතාව ඉවත් වීමේ දැඩි ප්‍රවණතාවයක් තිබෙන බවත් විදුලි බිල වැඩි කිරීමෙන් රටේ නිෂ්පාදනවලට දැඩි ලෙස බලපෑම් එල්ල විය හැකි බවත් ඒ මහතා සඳහන් කළේය.

ජනාධිපතිවරයා වසරක් ඇතුළත අවස්ථා 11 කදී විදේශගත වෙලා තිබෙන බවත් රාජ්‍ය නායකයෙක් මෙතරම් වාර ප්‍රමාණයක් විදේස ගතවූ පළමු අවස්ථාව මෙය වීමට හැකි බවත් විදෙස් ශ්‍රමිකයන්ගෙන් සහ රට අමාරුවෙන් සොයා ගන්නා ඩොලර් ටික මේ ආකාරයට සංචාරවලට යොදා ගැනිම යුක්ති සහගතදැයි තිස්ස අත්තනායක මහතා ප්‍රශ්න කළේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ තිස්ස අත්තනායක මහතා ‘‘යුනිසෙෆ් සහ ලෝක බැංකු ආහාර වාර්තා වලට අනුව ලංකාවේ මුලු ජනගහනයෙන් සියයට 50 කට වැඩි ප්‍රමාණයක් දරුවන් පෝෂණ තත්ත්වයක නැ කියලා කියනවා. දරුවන් පෝෂණ තත්ත්වයක නැ කියලා කියන්නේ මතු පරපුර බුද්ධියෙන් හින වන පරපුරක් බවට පත් වෙනවා. කොළඹ මහ නගර සභාව සිදුකළ පරීක්ෂණ වාර්තාවකින් තහවුරු වෙලා තියෙනවා ලංකාවේ නගර අතර ළදරු මන්දපෝෂණය තිබෙන්නේ කොළඹ මහ නගර සභා ප්‍රදේශය. දරුවන්ගේ පෝෂණය වෙනුවෙන් කැපවිය යුතු අවස්ථාවක තමයි අපි ඉන්නේ. දරුවන්ගේ මන්දපෝෂණ මෙන්ම ළමා අපචාර සිද්ධීන්ට ඉහළ යාම කණගාටුදායක තත්ත්වයක්. රටේ තිබෙන ආර්ථික තත්ත්වය සමඟ පවුල් වල ආදායම් තත්ත්වය අඩුවීමත් මේ මන්දපෝෂණ තත්ත්වයට හේතුවෙලා තියෙනවා. දරුවන්ගේ අධ්‍යාපනය / සෞඛ්‍ය සහ පෝෂණ තත්ත්වය ගැන ආණ්ඩුව මීට වඩා සැලකිලිමත්විය යුතුයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පසුගිය සතියේ පවත්වලු මාධ්‍ය හමුවේදී. ඔවුන්ගේ නිරීක්ෂණ වාර්තා වල කරුණු ගණනාවක් අනාවරණය කර තිබුණා. ශ්‍රී ලංකාව බංකොලොත් භාවයෙන් මිදිලා යම් ආකාරයකට ආර්ථික වශයෙන් රට ගොඩ ගැනීමේ වැඩපිළිවෙලක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පෙන්වා දුන්නා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල රට ගොඩ ගැනීමේ වැඩපිළිවෙල ඉටු කරන්න ආණ්ඩුව අසමත් වීම ගැන දෙවැනි වාරිකය ගෙවීමේදී ඔවුන් සඳහන් කර තිබෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබා දෙන දෙවන වාරිකය ඩොලර් මිලියන 330 ක ණය මුදල පිළිබඳ අවිනිශ්චිත භාවයක් තියෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එකඟවුන කාරණා ඉටු කරන්න අසමත් වීම නිසා මෙම ගැටලුව නිර්මාණය වී තිබෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉදිරිපත් කළ කොන්දේසි වලින් ලංකාව සම්පුර්ණ කරලා තියෙන්නේ සියයට 30 ක්. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පෙන්වා දුන්න මාර්ග සිතියම අනුව ලංකාව ක්‍රියා කරලා නැති බවත් ඒ මාර්ග සිතියමට වහාම අවතීර්ණ වන ලෙසත් රාජ්‍ය ආදායම් ඉහළ දැමීමට ගත්ත ක්‍රියාමාර්ග ප්‍රමාණවත් මදි බවත් විදේශ ණය ප්‍රතිව්‍යුහගතකරන්න ආණ්ඩුව ගත් ක්‍රියාමාර්ග වල ප්‍රගතියක් නැති බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පෙන්වා දී තිබෙනවා. විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා විදෙස් රටවල් සමඟ ඇතිකරගත් එකඟතා කඩිනම්න් අවසන් කරන ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පෙන්වා දී තිබේ. මෙම මූලික කරුණු 3 ඉටුකරන තුරු දෙවන වාරිකය ලබාදීමට නිශ්චිත තීරණයක් ගෙන නැති බව වාර්තා වෙනවා. රටේ ආර්ථික ප්‍රතිසංවිධාන ප්‍රමාදවෙන්න ජාත්‍යන්තර ලෙස වෙනත් රටවලින් ලැබෙන ණය සහ ආධාරවල ප්‍රමාදයක් ඇති වෙන්න පුලුවන්. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබා දෙන ඩොලර් මිලියන 330 න් රට ගොඩදාන්න පුලුවන් කියලා බොහො දෙනා සිතනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පලමු ණය වාරිකය ලබාදෙනවිටත් කිරිබත් කෑවා. අපේ රටේ ණය ප්‍රමාණය තවත් වැඩි වුණ එකට සතුට ප්‍රකාශ කිරීමක් ලෙස තමයි අපි ඒක දකින්නේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් රටේ ජනතාව පීඩාවට පත් කරන කාරණාවලින් ඉවත් වෙලා අපි අපේ ආදායම වැඩිකර ගැනීමට සහ ජාතික නිෂ්පාදනය වැඩිකිරීමට ක්‍රියාමාර්ග කඩිනම් කළ යුතු යැයි මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 5
Previous Post

ගෝලීය ක්‍රියාවලීන්ට දායක වන අපගේ තරුණ ක්‍රියාකාරකම් ඒකාබද්ධ කිරීමට ආසියා පැසිෆික් තරුණ පරිසර සංසදය මහගු අවස්ථාවක්

Next Post

ජනාවාසකරණයේ දී නවීන තාක්ෂණය පිළිබඳ සැලකිලිමත් විය යුතුයි – අගමැති

editor

editor

Next Post

ජනාවාසකරණයේ දී නවීන තාක්ෂණය පිළිබඳ සැලකිලිමත් විය යුතුයි - අගමැති

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved