ඉස්ලාමාබාද් සාකච්ඡා මේසය තුළදී ඉරානය අපේක්ෂා කරන මූලික ඉල්ලීම් මොනවාදැයි ඉරාන නියෝජ්‍ය විදේශ අමාත්‍යවරයා පැහැදිලි කර තිබේ. ඔහු අවධාරණය කර ඇත්තේ, ආක්‍රමණශීලී සතුරාට (ඊශ්‍රායලයට) මෙම කාලය තුළ යළි සන්නද්ධ වීමටත්, පසුව නැවත ප්‍රහාර එල්ල කිරීමටත් අවස්ථාව සලසා දෙන ආකාරයේ සටන් විරාමයකට ඉරානය කිසිසේත්ම එකඟ නොවන බවයි.
“ජාත්‍යන්තර සහතිකයක් නොමැතිව මෙවැනි තත්ත්වයක් නැවත ඇති වීමට අප ඉඩ දෙන්නේ නැහැ” යනුවෙන් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර ඇති බව ‘අල් ජසීරා’ (Al Jazeera) පුවත් සේවය වාර්තා කරයි. මීට පෙර අවස්ථාවලදී සාකච්ඡා පවත්වන අතරතුර ඉරානයට එල්ල වූ ප්‍රහාර සහ ඇති වූ පසුබෑම සැලකිල්ලට ගනිමින්, මෙවර සාකච්ඡාවලදී ස්ථීරසාර ආරක්ෂක සහතික ලබා ගැනීම ඉරානයේ මූලික අරමුණ වී ඇත. මෙම දැඩි ස්ථාවරය හමුවේ හෙට ආරම්භ වීමට නියමිත ඉස්ලාමාබාද් සාකච්ඡා තවදුරටත් සංකීර්ණ වනු ඇතැයි දේශපාලන විචාරකයෝ මත පළ කරති.
මුලාශ්‍රය – Al Jazeera














