පොලිසිය විසින් ඊයේ (22) දිනය පුරා ක්‍රියාත්මක කළ විශේෂ මෙහෙයුමකදී විවිධ වැරදි සම්බන්ධයෙන් සැකකරුවන් 640 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. මෙම මෙහෙයුමේදී පුද්ගලයන් 27,567 දෙනෙකු පරීක්ෂාවට ලක් කර ඇති අතර, එහිදී අපරාධවලට සෘජුවම සම්බන්ධ සැකකරුවන් 26 දෙනෙකු හඳුනාගෙන ඇත. අත්අඩංගුවට ගත් පිරිස අතර වරෙන්තුකරුවන් 369 දෙනෙකු සහ විවෘත වරෙන්තුකරුවන් 326 දෙනෙකු ද වන බව පොලිසිය සඳහන් කරයි. මාර්ග ආරක්ෂාව තහවුරු කිරීම වෙනුවෙන් බීමත් රියදුරන් 308 දෙනෙකු සහ අපරික්ෂාකාරී ලෙස රිය පැදවූ 77 දෙනෙකු ද අත්අඩංගුවට ගෙන ඇති අතර, වෙනත් රථවාහන වැරදි සම්බන්ධයෙන් 4,153 දෙනෙකුට එරෙහිව නීතිමය පියවර ගෙන ඇත.














