හිස්බුල්ලා සංවිධානයේ නායක නයිම් කාසෙම් (Naim Qassem) මහතාගේ පෞද්ගලික ලේකම්වරයා මෙන්ම ඔහුගේ බෑණනුවන් ද වන අලි යූසුෆ් හර්ෂි (Ali Yusuf Harshi) ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායල හමුදාව බේරූට් නුවරට දියත් කළ ගුවන් ප්‍රහාරයකින් ඔහු ජීවිතක්ෂයට පත්ව ඇති බව ඊශ්‍රායල ආරක්ෂක අංශ තහවුරු කරයි. බේරූට් හි ‘ටැලට් ඛයියාත්’ (Tallet Khayat) ප්‍රදේශයේ පිහිටි බහු මහල් නිවාස සංකීර්ණයක් ඉලක්ක කර ගනිමින් මෙම ප්‍රහාරය එල්ල වී තිබේ.
අලි යූසුෆ් හර්ෂි යනු නයිම් කාසෙම්ගේ කාර්යාලය සහ ආරක්ෂක කටයුතු මෙහෙයවූ ප්‍රධානතම උපදේශකයෙකු බව ඊශ්‍රායල හමුදාව පවසයි. කෙසේ වෙතත්, මෙම ප්‍රහාරය හේතුවෙන් අදාළ නිවාස සංකීර්ණයේ කොටසක් සම්පූර්ණයෙන්ම කඩා වැටී ඇති අතර, එහි පදිංචිව සිටි අහිංසක සිවිල් වැසියන් පිරිසක් ද මියගොස් ඇති බව වාර්තා වේ. යුද ඉලක්ක සපුරා ගැනීමේදී සිවිල් වැසියන්ගේ ජීවිත ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් ජාත්‍යන්තරය තුළ නැවතත් දැඩි කතාබහක් නිර්මාණය කිරීමට මෙම සිදුවීම හේතු වී තිබේ.
මුලාශ්‍රය – Times of Israel / Al Jazeera / Reuters


















