ඊශ්‍රායලය අද (28) ඉරානය ඉලක්ක කර දියත් කළ දැවැන්ත ගුවන් ප්‍රහාර මාලාවකින් ඉරානයේ ආරක්ෂක අමාත්‍ය අසීස් නසීර්සාදේ සහ විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) ගොඩබිම් හමුදා අණදෙන නිලධාරී මොහොමඩ් පක්පූර් මියගොස් ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.
රොයිටර් පුවත් සේවය පෙන්වා දෙන්නේ මෙය ඉරාන හමුදා ඉතිහාසයේ එල්ල වූ දරුණුතම සහ දැවැන්තම පහරක් බවයි. ටෙහෙරාන් නුවර පිහිටි ආරක්ෂක අමාත්‍යාංශය හෝ ප්‍රධාන හමුදා මූලස්ථානයක් ඉලක්ක කර මෙම ප්‍රහාරය එල්ල වී ඇති බවට සැක කෙරේ. ඉරාන රජය මේ දක්වා නිල ප්‍රකාශයක් නිකුත් කර නැතත්, රජයේ ඉහළ පෙළේ හදිසි ආරක්ෂක මණ්ඩල රැස්වීමක් මේ වන විටත් කැඳවා ඇති බව වාර්තා වේ.
මෙම ඝාතනයන් සමඟ කලාපය තුළ පවතින යුධමය තත්ත්වය තවදුරටත් දරුණු විය හැකි අතර, ඉරානය මෙයට පෙරළා ලබා දෙන ප්‍රතිචාරය කුමක්ද යන්න පිළිබඳව ලෝකයේම අවධානය යොමුව තිබේ.














