මූල්‍ය මූලාශ්‍රය ලෙස සැලකෙන ‘අල්-කර්ඩ් අල්-හසන්’ (al-Qard al-Hassan) ආයතනයට අයත් මධ්‍යස්ථාන 30ක් පමණ ඉලක්ක කර ඊශ්‍රායල හමුදාව පසුගිය සතිය පුරා ප්‍රබල ප්‍රහාර එල්ල කර ඇති බව අල්ජසීරා පුවත් සේවය වාර්තා කරයි. හිස්බුල්ලා සටන්කාමීන්ගේ වැටුප් ගෙවීමට සහ අවි ආයුධ මිලදී ගැනීමට අවශ්‍ය අරමුදල් සම්පාදනය කරන මෙම ආයතනය මීට පෙර අමෙරිකානු සම්බාධකවලට ද යටත් කර තිබුණකි. හිස්බුල්ලා සංවිධානයේ මූල්‍ය ශක්තිය සම්පූර්ණයෙන් බිඳ දැමීමේ අරමුණින් මෙම ප්‍රහාර මාලාව දියත් කර ඇති අතර, මෙලෙස මූල්‍ය මධ්‍යස්ථාන විශාල සංඛ්‍යාවක් ඉලක්ක කිරීම තුළින් එම සංවිධානයේ ඉදිරි මෙහෙයුම් දැඩි අර්බුදයකට ලක්වනු ඇති බව විදෙස් දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.














