ලෙබනනයට එල්ල වූ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් පුද්ගලයන් 72 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවත් අවම වශයෙන් 437 දෙනෙකු තුවාල ලබා ඇති බවත් ලෙබනන සෞඛ්‍ය අමාත්‍යාංශය අද (04) රාත්‍රියේ තහවුරු කළේය. ඇමරිකාව සහ ඊශ්‍රායලය එක්ව ඉරානයට එල්ල කළ ප්‍රහාරවලට ප්‍රතිචාර වශයෙන් ඉරාන හිතවාදී සන්නද්ධ කණ්ඩායම් උතුරු ඊශ්‍රායලයට රොකට් ප්‍රහාර එල්ල කිරීමත් සමඟ මෙම දේශසීමා ගැටුම් යළිත් දරුණු ලෙස ආරම්භ වී තිබේ. ඊශ්‍රායල හමුදාව මේ වන විට ලෙබනනයේ දකුණු ප්‍රදේශයට සහ බීරූට් අගනුවර තදාසන්න ප්‍රදේශවලට දැවැන්ත ප්‍රහාර එල්ල කරමින් සිටින අතර සිවිල් වැසියන්ට වහාම එම ප්‍රදේශවලින් ඉවත් වන ලෙස නියෝග කර ඇත.
ලෙබනන භූමිය තුළ නව හමුදා මුරපොළවල් පිහිටුවමින් ඊශ්‍රායල හමුදාව ඉදිරියට ඇදෙන බවත්, මෙය කලාපීය මහා පරිමාණ යුද්ධයක පෙරනිමිත්තක් බවත් විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි. මෙම ප්‍රහාර හේතුවෙන් දහස් ගණනක් ලෙබනන වැසියන් සිය නිවාස අතහැර පලා යමින් සිටින අතර රෝහල් පද්ධතිය ද තුවාලකරුවන්ගෙන් පිරී පවතින බව වාර්තා වේ. ජාත්‍යන්තර ප්‍රජාව මෙම ගැටුම් නතර කරන ලෙස ඉල්ලා සිටියද, ඊශ්‍රායලය පවසන්නේ තම ආරක්ෂාව වෙනුවෙන් මෙම හමුදා ක්‍රියාමාර්ග අත්‍යවශ්‍ය බවයි.














