ඊශ්‍රායලයේ සහාය ලබන පලස්තීන මිලීෂියා කණ්ඩායමක් සහ හමාස් ආරක්ෂක අංශ අතර ගාසා තීරයේ මගාසි (Maghazi) සරණාගත කඳවුරට නැගෙනහිරින් ඇති වූ දරුණු සන්නද්ධ ගැටුම් සහ ඊශ්‍රායල ඩ්‍රෝන ප්‍රහාරවලින් අවම වශයෙන් පුද්ගලයන් 10 දෙනෙකු මියගොස් තිබේ ඩීර් අල් බාලා (Deir al Balah) හි පිහිටි අල් අක්සා රෝහල වෙත මෙම මළ සිරුරු රැගෙන විත් ඇති අතර තවත් පුද්ගලයන් රැසක් බරපතල තුවාල ලබා ඇති බව වාර්තා වේ මාස හයකට පෙර ඇති කරගත් සටන් විරාමය දෙපාර්ශවය විසින්ම උල්ලංඝනය කරමින් සිටින බවට අන්‍යෝන්‍ය වශයෙන් චෝදනා එල්ල වන පසුබිමක මෙම ප්‍රහාර එල්ල වීම විශේෂත්වයකි
සාක්ෂිකරුවන් පවසන පරිදි ඊශ්‍රායල සහාය ලබන මිලීෂියා කණ්ඩායම විසින් මාර්ග බාධකයක් පිහිටුවීමත් සමඟ මෙම ගැටුම ආරම්භ වී ඇති අතර එහිදී ඊශ්‍රායල ඩ්‍රෝන යානා මැදිහත් වී ස්ථාන තුනකට ප්‍රහාර එල්ල කර ඇත ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සාම සැලසුමේ දෙවන අදියරට පිවිසීමට ඇති ප්‍රධාන බාධකය වී ඇත්තේ හමාස් සංවිධානය නිරායුධ කිරීමේ කොන්දේසියයි හමාස් හමුදා අංශයේ ප්‍රකාශක අබු උබයිඩා පවසන්නේ ඊශ්‍රායලය සිය පොරොන්දු ඉටු කරන තෙක් තමන් කිසිසේත්ම නිරායුධ නොවන බවයි
ඉරානය සහ ඇමෙරිකාව අතර පවතින යුදමය වාතාවරණය හමුවේ ගාසා සාම සාකච්ඡා තවදුරටත් අර්බුදයකට ලක්ව ඇති අතර හමාස් සංවිධානය සිය නව අතුරු නායකයා තෝරා ගැනීම සඳහා ද මේ වන විට ඡන්ද විමසීමක් පවත්වමින් සිටියි 2023 ඔක්තෝබර් 07 වනදා ආරම්භ වූ මෙම ගැටුම් මාලාවෙන් මේ වන විට ගාසා තීරයේ පුද්ගලයන් 72,300 කට අධික පිරිසක් මියගොස් ඇති බව එරට සෞඛ්‍ය අංශ තහවුරු කරයි කලාපීය වශයෙන් ඉරානය හිස්බුල්ලා සහ හවුති සංවිධාන එල්ල කරන ප්‍රහාර ද මෙම යුද්ධයේ ව්‍යාප්තියක් ලෙස හමාස් සංවිධානය අගය කර තිබේ














