ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉරානය සමඟ ප්‍රකාශයට පත් කළ සති දෙකක තාවකාලික සටන් විරාමයට ඊශ්‍රායලය සහය දක්වන බව අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රකාශ කර තිබේ. කෙසේ වෙතත්, මෙම සටන් විරාමය ලෙබනනය සඳහා අදාළ නොවන බව ඔහු අවධාරණය කළ බව ඊශ්‍රායල මාධ්‍ය අද (08) පෙරවරුවේ වාර්තා කළේය.
මෙම ප්‍රකාශයත් සමඟ මැදපෙරදිග කලාපයේ පවතින යුදමය උණුසුම තවදුරටත් ව්‍යාකූල තත්ත්වයට පත්ව ඇත. ඉරානය සමඟ සටන් විරාමයකට එකඟ වුවද, ලෙබනනයේ ක්‍රියාත්මක වන හිස්බුල්ලා (Hezbollah) සංවිධානය ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායලය අඛණ්ඩව ප්‍රහාර එල්ල කරනු ඇතැයි මෙයින් ගම්‍ය වේ. අද අලුයම ඉරානය වෙත ද ඊශ්‍රායල ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල වූ අතර, ඉන්පසු මෙම නිවේදනය නිකුත් වීම විශේෂත්වයකි.














