ඊශ්‍රායල රජයේ 2026 වාර්ෂික අයවැය අද (30) එරට පාර්ලිමේන්තුවේදී සම්මත වූ අතර එහිදී ආරක්ෂක වියදම් සහ යුද කටයුතු සඳහා ඇමෙරිකානු ඩොලර් බිලියන 45ක දැවැන්ත ප්‍රතිපාදනයක් වෙන් කර තිබේ. ඊශ්‍රායලය සහ ඉරානය අතර සෘජු යුද ගැටුම් ආරම්භ වී මාසයක පමණ කාලයක් ගතවන අවස්ථාවක මෙම අයවැය ප්‍රකාශයට පත්වීම ජාත්‍යන්තර අවධානයට ලක්ව ඇත.
මෙම අතිවිශාල මුදල වෙන් කිරීම හරහා කලාපීය යුදමය තත්ත්වය තවදුරටත් උත්සන්න විය හැකි බව දේශපාලන විචාරකයෝ පවසති. අයවැය සම්මත වීමත් සමඟ අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහුගේ රජය තවදුරටත් ස්ථාවර වී ඇති අතර යුද මෙහෙයුම් අඛණ්ඩව පවත්වාගෙන යාමට අවශ්‍ය මූල්‍ය ශක්තිය මේ හරහා හිමිව තිබේ.














