හිස්බුල්ලා සංවිධානයේ මර්මස්ථාන සහ යුද යටිතල පහසුකම් විනාශ කිරීමේ අරමුණින් ඊශ්‍රායල ගොඩබිම් හමුදා දකුණු ලෙබනනයේ ඇතැම් ප්‍රදේශවල ස්ථානගත කර ඇති බව ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු තහවුරු කරයි. මෙම මෙහෙයුම මගින් උතුරු ඊශ්‍රායලයේ ආරක්ෂාව තහවුරු කිරීම අපේක්ෂාව වන බව එරට ආරක්ෂක අංශ පවසයි.
මේ අතර, ලෙබනන අග්‍රාමාත්‍යවරයා සිය හමුදා අංශ වෙත විශේෂ උපදෙස් මාලාවක් නිකුත් කරමින් දන්වා ඇත්තේ, සිය ආත්මාරක්ෂාව සලකා ඊශ්‍රායල හමුදා සමඟ සෘජු සටන්වලට අවතීර්ණ වීමෙන් වළකින ලෙසයි. මෙමගින් ලෙබනන රජයේ හමුදාව සහ ඊශ්‍රායලය අතර මහා පරිමාණ යුද්ධයක් ඇතිවීම වැළැක්වීමට ලෙබනන බලධාරීන් උත්සාහ කරන බව පෙනී යයි. කෙසේ වෙතත්, හිස්බුල්ලා සටන්කාමීන් සහ ඊශ්‍රායල හමුදා අතර දකුණුදිග දේශසීමා ආසන්නයේ දරුණු ගැටුම් ඇවිලී යාමේ අවදානමක් පවතින බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.














