ඊශ්‍රායලයේ දකුණු දිග පිහිටි ඩිමෝනා (Dimona) නගරය ඉලක්ක කර ගනිමින් එල්ල වූ මිසයිල ප්‍රහාරයකින් පුද්ගලයින් 20 දෙනෙකු අවම වශයෙන් තුවාල ලබා ඇති බව වාර්තා වේ. ඊශ්‍රායල හදිසි වෛද්‍ය සේවාවන් සහ කාන් (Kan) පුවත් සේවය තහවුරු කරන පරිදි, තුවාල ලැබූවන් අතර 10 හැවිරිදි දරුවෙකු ද සිටින බව සඳහන් වේ.
සමාජ මාධ්‍ය සහ විදේශීය පුවත් සේවා ඔස්සේ ප්‍රචාරය වන දර්ශනවලට අනුව, ප්‍රබල මිසයිලයක් නගරයට පතිත වීමත් සමඟ විශාල පිපිරීමක් සිදු වන අයුරු දැකගත හැකිය. මැදපෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය තවදුරටත් උත්සන්න කරමින් එල්ල වූ මෙම ප්‍රහාරය හේතුවෙන් ඩිමෝනා නගරයේ සිවිල් ජනජීවිතයට දැඩි බලපෑම් එල්ල වී ඇත. ඩිමෝනා යනු ඊශ්‍රායලයේ වැදගත් මධ්‍යස්ථානයක් වන බැවින් මෙම ප්‍රහාරය ජාත්‍යන්තර අවධානයට ද ලක්ව තිබේ.













