මිලිමීටර් 155 වර්ගයේ කාලතුවක්කු උණ්ඩ 10,000කට අධික ප්‍රමාණයක් මිලදී ගැනීම සඳහා ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍යාංශය එල්බිට් සිස්ටම්ස් (Elbit Systems) සමාගම සමඟ අමෙරිකානු ඩොලර් මිලියන 48ක ගිවිසුමකට අත්සන් තබා තිබේ. විදේශීය සැපයුම්කරුවන් මත යැපීම අවම කර දේශීය අවි නිෂ්පාදන ධාරිතාව ඉහළ නැංවීමේ උපායමාර්ගික පියවරක් ලෙස මෙම මිලදී ගැනීම සිදුකළ බව බලධාරීහු පවසති.
මේ අතර, පසුගිය පෙබරවාරි 28 වැනිදා ඉරානය සමඟ යුද්ධය ආරම්භ වූ දා සිට මේ දක්වා ඊශ්‍රායල වැසියන් 6,008 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි. මෙම නව අවි ගිවිසුම හරහා දිගුකාලීන යුද මෙහෙයුම් සඳහා අවශ්‍ය පතොරම් සංචිත පවත්වා ගැනීමට ඊශ්‍රායලය අපේක්ෂා කරයි.
















