ඊශ්‍රායලය විසින් ඉරානය ඉලක්ක කර එල්ල කළ දරුණු ගුවන් ප්‍රහාර මාලාවකින් ඉරාන රජයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් සහ ආරක්ෂක ප්‍රධානීන් පිරිසක් මියගොස් ඇති බව ඊශ්‍රායල ආරක්ෂක බලකාය (IDF) තහවුරු කරයි. ඉරාන බුද්ධි අංශ නියෝජ්‍ය අමාත්‍ය සයෙඩ් හමිඩි, ඔත්තු බැලීමේ අංශ ප්‍රධානී ජලාල් හොසේන් මෙන්ම ඉරාන ආරක්ෂක අමාත්‍යවරයා සහ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකායේ (IRGC) ප්‍රධානියා ද මෙම ප්‍රහාරවලින් මියගිය පිරිස අතර වන බව වාර්තා වේ. පසුගිය සෙනසුරාදා සිට ඇමෙරිකාව සහ ඊශ්‍රායලය එක්ව ඉරානයේ නගර 130කට එල්ල කළ ප්‍රහාරවලින් මියගිය සංඛ්‍යාව 555 දක්වා ඉහළ ගොස් ඇති අතර, අද දින ලෙබනනයේ බේරූට් නුවරට එල්ල වූ ප්‍රහාරවලින් හිස්බුල්ලා සංවිධානයේ ප්‍රධානියෙකු ඇතුළු 31 දෙනෙකු මියගොස් තවත් 150ක් තුවාල ලබා තිබේ.














