ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් සති දෙකක තාවකාලික සටන් විරාමයක් ප්‍රකාශයට පත් කර තිබියදීත්, අද (08) අලුයම ඊශ්‍රායල හමුදාව විසින් ඉරානය වෙත ප්‍රබල ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කර තිබේ. ඊශ්‍රායලයේ ‘චැනල් 12’ පුවත් සේවයට අනුව, ඉරානය විසින් එල්ල කරන මිසයිල ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස මෙම ප්‍රහාර එල්ල කර ඇති අතර එහිදී ඉරානයේ මිසයිල දියත් කිරීමේ මධ්‍යස්ථාන ඉලක්ක කරගෙන ඇත.
මෙම තත්ත්වයත් සමඟ මැදපෙරදිග කලාපය පුරා දැවැන්ත යුදමය වාතාවරණයක් හටගෙන ඇති අතර කුවේට්, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, බහරේනය සහ සෞදි අරාබිය යන රටවල අනතුරු ඇඟවීමේ සයිරන් නාද නිකුත් කර තිබේ. කුවේට් සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය සිය ගුවන් සීමාවට ඇතුළු වූ මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර මැඩපැවැත්වීමට පියවර ගෙන ඇති අතර, සෞදි අරාබිය සිය අල්-කර්ජ් (Al-Kharj) ප්‍රදේශයට හදිසි අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.
අද දිනයේ ට්‍රම්ප් සහ ඉරානය අතර සටන් විරාමයකට එකඟ වීම නිසා ලෝක තෙල් මිල පහත වැටීම සහ රන් මිල වාර්තාගත ලෙස ඉහළ යාම වැනි ජාත්‍යන්තර පුවත් මධ්‍යයේ, මෙම හදිසි යුදමය තත්ත්වය ලෝක ආර්ථිකයට සහ ආරක්ෂාවට දැඩි බලපෑමක් එල්ල කරනු ඇත. හෝමුස් සමුද්‍ර සන්ධිය විවෘත කිරීමට එකඟ වී තිබියදී මෙලෙස ප්‍රහාර එල්ල වීම ඉදිරි සාකච්ඡා මාර්ගවලට බරපතළ බාධාවක් වනු ඇතැයි විදේශ දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.














