ඊශ්‍රායලය විසින් ඉරානයේ ලොව විශාලතම ස්වභාවික ගෑස් නිධිය වන ‘සවුත් පරාස්’ වෙත එල්ල කළ ගුවන් ප්‍රහාරයට ප්‍රතිචාර ලෙස ඉරානය විසින් කලාපීය රටවල් කිහිපයකට දරුණු මිසයිල ප්‍රහාර එල්ල කර තිබේ. ඉරාන ජනාධිපති මෂුඩ් පෙසෙෂ්කියන්ගේ අනතුරු ඇඟවීම් මධ්‍යයේ, කටාර් රාජ්‍යයේ රාස් ලෆාන් (Ras Laffan) කාර්මික නගරයේ ගෑස් නිෂ්පාදන මධ්‍යස්ථානයකට මිසයිලයක් පතිත වී විශාල ගින්නක් හටගෙන ඇත. මීට අමතරව සෞදි අරාබියේ රියාද් නගරයට සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි නගරයට ද ප්‍රහාර එල්ල වී ඇති අතර, ඊශ්‍රායලය විසින් ප්‍රථම වතාවට උතුරු ඉරානයට ගුවන් ප්‍රහාර එල්ල කරමින් යුද්ධය තවදුරටත් තීව්‍ර කර තිබේ.














