මැදපෙරදිග යුද ගින්න තවදුරටත් ව්‍යාප්ත කරමින් ඊශ්‍රායලය සහ ඉරානය එකිනෙකාගේ තෙල් පිරිපහදු සහ බලශක්ති මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් සෙනසුරාදා රාත්‍රියේ සිට ප්‍රබල ප්‍රහාර මාලාවක් දියත් කර තිබේ. ඊශ්‍රායල ගුවන් හමුදාව විසින් ඉරානයේ ටෙහෙරාන් කලාපයේ පිහිටි, ඉරාන විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) පාලනය යටතේ පවතින මිලිටරි කාර්මික සංකීර්ණයට අයත් තෙල් සම්පත් ඉලක්ක කර ප්‍රහාර එල්ල කළ බව ඊශ්‍රායල ආරක්ෂක අංශ තහවුරු කළේය.
මීට ප්‍රතිචාර වශයෙන් ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය විසින් ඊශ්‍රායලයේ හයිෆා (Haifa) හි පිහිටි තෙල් පිරිපහදුව වෙත මිසයිල ප්‍රහාර එල්ල කර ඇති බව ඉරාන රාජ්‍ය මාධ්‍ය වාර්තා කරයි. ඉරාන ගුවන් ආරක්ෂණ පද්ධති සහ මිසයිල මධ්‍යස්ථාන මීට පෙර අඩපණ කළ බව පවසන ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු, මේ වන විට ඉරාන ගුවන් කලාපයේ පූර්ණ පාලනය තමන් සතු වීමට ආසන්න බවත්, ඉරාන පාලන තන්ත්‍රයේ ආර්ථික ශක්තිය බිඳ දැමීම මෙම ප්‍රහාරවල අරමුණ බවත් අවධාරණය කළේය.














