ඉරානය විසින් ඊශ්‍රායලය දෙසට එල්ල කරන ලද මිසයිල ප්‍රහාර මාලාවකින් පසු, එම මිසයිල දියත් කළ මධ්‍යස්ථානයට සාර්ථකව ප්‍රහාර එල්ල කළ බව ඊශ්‍රායල හමුදාව අද (10) නිවේදනය කළේය. ඊයේ රාත්‍රියේ ඉරානය දෙසින් එල්ල වූ මෙම ප්‍රහාර හේතුවෙන් ඊශ්‍රායලයේ ප්‍රදේශ කිහිපයක ගුවන් ප්‍රහාරක අනතුරු ඇඟවීමේ සංඥා නිකුත් වූ අතර, සිවිල් වැසියන්ට ආරක්ෂිත ස්ථාන කරා යාමට උපදෙස් දී තිබුණි.
ඊශ්‍රායල ආරක්ෂක අංශ සඳහන් කරන්නේ ඉරානය විසින් එල්ල කළ තර්ජනය හඳුනාගත් වහාම එය මැඩපැවැත්වීමට කටයුතු කළ බවයි. මැගන් ඩේවිඩ් ඇඩොම් (Magen David Adom) හදිසි සහන සේවා වාර්තා කරන පරිදි, මෙම නවතම මිසයිල ප්‍රහාරයෙන් කිසිදු ජීවිත හානියක් වාර්තා වී නොමැත. ප්‍රහාරය එල්ල වී සුළු වේලාවකට පසුව, එම මිසයිල දියත් කිරීමට යොදාගත් යන්ත්‍රය සහ අදාළ මධ්‍යස්ථානය ඉලක්ක කර ඊශ්‍රායල ගුවන් හමුදාව ප්‍රතිප්‍රහාර එල්ල කර ඇත.
මෙම සිදුවීමට පෙර ද ඊශ්‍රායලය විසින් ටෙහෙරාන් නුවර ඉලක්ක කරගනිමින් “පුළුල් ප්‍රහාර මාලාවක්” දියත් කළ බව නිල වශයෙන් ප්‍රකාශ කර තිබුණි. එය සඳුදා දිනය තුළ ඊශ්‍රායලය විසින් ඉරාන අගනුවර වෙත එල්ල කළ දෙවන ප්‍රහාරයයි. කලාපය තුළ පවතින මෙම දැඩි යුදමය තත්ත්වය හමුවේ දෙපාර්ශවයම සිය ප්‍රහාරක ශක්තිය උපරිමයෙන් භාවිතා කරමින් සිටින බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.














