ඉරානයේ අගනුවර වන ටෙහෙරානය ඉලක්ක කරගනිමින් ඊශ්‍රායල ආරක්ෂක හමුදා (IDF) විසින් එල්ල කළ ප්‍රහාර මාලාවකදී දකුණු ටෙහෙරානයේ පිහිටි ඉන්ධන ගබඩාවකට දැඩි හානි සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඉරාන විප්ලවවාදී ආරක්ෂක බලකායට අනුබද්ධ ‘ෆාර්ස්’ (Fars) ප්‍රවෘත්ති ඒජන්සිය ද මෙම ප්‍රහාරය තහවුරු කර තිබේ.
ඊශ්‍රායල ආරක්ෂක හමුදාව විසින් ටෙහෙරානය දෙසට නව ප්‍රහාර රැල්ලක් ආරම්භ කළ බවට නිල වශයෙන් ප්‍රකාශ කර සුළු වේලාවකින් මෙම පිපිරීම් වාර්තා වී ඇත. ඉරාන උත්තරීතර නායකයාගේ අභාවයෙන් පසු දෙරට අතර පවතින යුදමය වාතාවරණය මෙලෙස යළිත් උත්සන්න වී තිබේ.
මෙම ප්‍රහාරයෙන් සිදුවූ ජීවිත හානි හෝ දේපළ හානි පිළිබඳ නිශ්චිත තොරතුරු මෙතෙක් අනාවරණය වී නොමැති අතර, ඉරාන ගුවන් ආරක්ෂක පද්ධති ක්‍රියාත්මක වෙමින් පවතින බව ද වාර්තා වේ.













