දකුණු ලෙබනනය ආක්‍රමණය කරමින් ඉදිරියට ඇදෙන ඊශ්‍රායල හමුදාව සහ හිස්බුල්ලා සටන්කාමීන් අතර ඇති වූ දරුණු ගැටුම්වලින් ඊශ්‍රායල සෙබළුන් සිව්දෙනෙකු මියගොස් තවත් දෙදෙනෙකු තුවාල ලබා ඇති බව ඊශ්‍රායල ආරක්ෂක අංශ අද (31) තහවුරු කළේය. මාර්තු 2 වැනිදා ඇමෙරිකානු සහ ඊශ්‍රායල හමුදා එක්ව ඉරානයට එල්ල කළ ප්‍රහාරයෙන් පසු හටගත් මෙම ගැටුම් හේතුවෙන් මේ වන විට ඊශ්‍රායල සෙබළුන් 10 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
ලෙබනන සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුව ඊශ්‍රායල ප්‍රහාර හමුවේ ලෙබනන වැසියන් 1,200කට අධික පිරිසක් මියගොස් ඇති අතර මිලියනයකට අධික පිරිසක් අවතැන් වී ඇත. එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවේ (UNIFIL) සාමාජිකයින් තිදෙනෙකු ද පසුගිය දින කිහිපය තුළ දකුණු ලෙබනනයේදී ජීවිතක්ෂයට පත්ව තිබේ. අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු විසින් දකුණු ලෙබනනයේ ආක්‍රමණික සීමාවන් ලිටානි ගඟ (Litani River) දක්වා ව්‍යාප්ත කරන ලෙස හමුදාවට නියෝග කර ඇත. ඊශ්‍රායලයේ අන්ත දකුණේ දේශපාලනඥයින් දකුණු ලෙබනනය ඊශ්‍රායලයට ඈඳාගත යුතු බවට බලපෑම් කරමින් සිටින අතර, හමුදාව විසින් ප්‍රධාන පාලම් සහ මාර්ග විනාශ කරමින් එම ප්‍රදේශය හුදකලා කිරීමට පියවර ගනිමින් සිටී.
හිස්බුල්ලා මහලේකම් නයිම් කාසම් (Naim Qassem) ප්‍රකාශ කර ඇත්තේ ඊශ්‍රායලයේ හමුදා ශක්තිය හමුවේ මෙම ආක්‍රමණය නැවැත්වීමට තමන්ට නොහැකි වුවද, ඊශ්‍රායලයට මෙය ඉතා ඉහළ පිරිවැයක් දැරීමට සිදුවන දරුණු යුද්ධයක් බවට පත් කරන බවයි. විශේෂයෙන්ම බෙකා නිම්නය (Bekaa Valley) ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායලය නව පෙරමුණක් විවෘත කිරීමත් සමඟ ගැටුම් තවදුරටත් දරුණු අතට හැරී ඇත. ඇමෙරිකාව සහ ඉරානය අතර ඇති වන කිසිදු එකඟතාවක් ලෙබනනය තුළ තමන් ගෙන යන යුද්ධය නැවැත්වීමට හේතු නොවන බව නෙතන්යාහු ප්‍රකාශ කර ඇති අතර, ඊශ්‍රායලයේ දේශසීමා වෙනස් විය යුතු බව එ













