ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු ප්‍රකාශ කරන්නේ ඉරාන ඉලක්ක සහ එරට ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) මේ වන විට දැඩි ලෙස විනාශ වී ඇති බවයි. ඊශ්‍රායලය සහ ඇමෙරිකාව එක්ව ආරම්භ කළ මෙම යුද්ධය අපේක්ෂා කළාට වඩා වේගයෙන් අවසන් වෙමින් පවතින බවත්, ඉරානයට දැන් යුරේනියම් සාරවත් කිරීමට හෝ බැලස්ටික් මිසයිල නිෂ්පාදනය කිරීමට හැකියාවක් නොමැති බවත් ඔහු අවධාරණය කළේය.
ඉරාන පාලනය මේ වන විට අඩපණ වී ඇති බව පවසන නෙතන්යාහු මහතා, ට්‍රම්ප් පරිපාලනය සමඟ පවතින සහයෝගීතාවය මෙහිදී ඉහළින් අගය කළේය. කෙසේ වෙතත්, ඉරානය විසින් ගල්ෆ් කලාපයේ තෙල් සහ ගෑස් යටිතල පහසුකම් ඉලක්ක කරගනිමින් ප්‍රතිප්‍රහාර එල්ල කිරීම හේතුවෙන් ලෝක වෙළඳපොළේ ඉන්ධන මිල ඉහළ යෑමේ දැඩි අවදානමක් මතුව තිබේ.
යුද්ධය ආරම්භ වී සති තුනක් ගතවන විට ඉරානය විසින් සවුදි අරාබිය, කුවේට් සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය වැනි රටවල බලශක්ති මධ්‍යස්ථාන වෙත ප්‍රහාර එල්ල කර තිබේ. මෙම තත්ත්වය හමුවේ ගෝලීය බලශක්ති සැපයුමට එල්ල වී ඇති බාධා වැළැක්වීමට ජාත්‍යන්තර ප්‍රජාවේ අවධානය යොමු වී ඇති අතර, හෝමූස් සමුද්‍ර සන්ධියේ ආරක්ෂාව තහවුරු කිරීමට මිත්‍ර රටවල් පියවර ගනිමින් සිටී.














