ඉරානයේ බලශක්ති පද්ධති සහ තෙල් ගබඩා ඉලක්ක කර ගනිමින් දැවැන්ත හමුදා ප්‍රහාරයක් එල්ල කිරීමට ඊශ්‍රායලය සියලු කටයුතු සූදානම් කර ඇති අතර ඒ සඳහා අමෙරිකානු රජයේ අවසරය (Green Light) අපේක්ෂාවෙන් පසුවන බව ඊශ්‍රායල ජ්‍යෙෂ්ඨ ආරක්ෂක නිලධාරියෙකු අද (04) ප්‍රකාශ කළේය රොයිටර් පුවත් සේවය වාර්තා කරන පරිදි මෙම ප්‍රහාර ඉදිරි සතිය ඇතුළත එල්ල වීමට වැඩි ඉඩකඩක් පවතින බව එම නිලධාරියා වැඩිදුරටත් අනාවරණය කර තිබේ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉරානයට ලබා දුන් පැය 48 ක තීරණාත්මක කාලසීමාවත් සමඟ මෙම සූදානම තවදුරටත් තීව්‍ර වී ඇත
ඉරානයේ ආර්ථිකයේ කොඳු නාරටිය බඳු බලශක්ති ක්ෂේත්‍රයට මෙලෙස ප්‍රහාර එල්ල වුවහොත් එය කලාපීය වශයෙන් මෙන්ම ලෝක වෙළඳපොළට ද දැඩි බලපෑමක් එල්ල කරනු ඇතැයි විදේශ විශ්ලේෂකයෝ පෙන්වා දෙති වොෂින්ටන් පාලනය මෙම යුදමය ක්‍රියාමාර්ගයට සෘජුව සහාය දක්වන්නේ ද යන්න පිළිබඳව ලෝක ප්‍රජාව දැඩි අවධානයෙන් පසුවන අතර ට්‍රම්ප් පාලනය විසින් ඉරානයට එරෙහිව සිය ස්ථාවරය තවදුරටත් දැඩි කරමින් සිටියි මෙම ප්‍රහාර මාලාව ක්‍රියාත්මක වුවහොත් එය දෙරට අතර පවතින ගැටුමේ බරපතලම අවස්ථාව වනු ඇතැයි ද වාර්තා වේ
ඉරානය ද ප්‍රකාශ කර ඇත්තේ තමන්ගේ බලශක්ති මධ්‍යස්ථානවලට යම් ප්‍රහාරයක් එල්ල වුවහොත් ඒ සඳහා අතිශය විනාශකාරී ප්‍රතිප්‍රහාරයක් එල්ල කිරීමට සූදානම් බවයි මැදපෙරදිග කලාපයේ පවතින මෙම උණුසුම් තත්ත්වය හමුවේ ලෝක තෙල් මිල ඉහළ යාමේ අවදානමක් ද මතුව ඇති අතර ජාත්‍යන්තර ප්‍රජාව මෙම ගැටුම් සමනය කිරීමට මැදිහත් විය යුතු බවට ඉල්ලීම් ඉදිරිපත් වෙමින් පවතී ඉදිරි දින කිහිපය මැදපෙරදිග සාමය සහ ලෝක ආර්ථිකය සම්බන්ධයෙන් අතිශය තීරණාත්මක වනු ඇතැයි අපේක්ෂා කෙරේ














