ඊශ්‍රායල හමුදාව විසින් ඉරානයේ උර්මියා (Urmia) නගරය ඉලක්ක කර ගනිමින් ප්‍රහාර දියත් කර තිබේ. ටෙහෙරාන් අගනුවරට බටහිර දෙසින් පිහිටි මෙම නගරය අවට ප්‍රදේශවලින් ප්‍රබල පිපිරීම් හඬ ඇසෙන බවත්, ඉරාන ගුවන් ආරක්ෂණ පද්ධති ක්‍රියාත්මක වෙමින් පවතින බවත් එරට මාධ්‍ය වාර්තා කරයි.
උර්මියා ප්‍රදේශයේ වැදගත් හමුදා කඳවුරු කිහිපයක් පිහිටා ඇති අතර, ඒවා ඉලක්ක කර මෙම ප්‍රහාර එල්ල වී ඇති බව වාර්තා වේ.














