ඇමරිකාව සහ ඉරානය අතර ප්‍රකාශයට පත් වූ සති දෙකක සටන් විරාමයට ඊශ්‍රායලයේ පූර්ණ සහාය ලැබෙන බව එරට අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රකාශ කර තිබේ. ඉරානය තවදුරටත් න්‍යෂ්ටික අවි නිපදවීමට උත්සාහ නොකරන බවටත්, කලාපීය ආරක්ෂාවට තර්ජනයක් නොවන බවටත් ඇමරිකානු ජනාධිපතිවරයා ලබා දුන් සහතිකය මත මෙම තීරණය ගත් බව ඔහු පවසයි.
කෙසේ වෙතත්, මෙම සටන් විරාමය ලෙබනනයට අදාළ නොවන බව නෙතන්යාහු අවධාරණය කර ඇත. ලෙබනනය ද ඇතුළත් වන පරිදි සටන් විරාමයකට එකඟ වූ බවට පාකිස්තාන අගමැතිවරයා කළ ප්‍රකාශය ප්‍රතික්ෂේප කරමින්, ඊශ්‍රායල හමුදා ඊයේ දිනයේත් ලෙබනනයට ප්‍රහාර එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙම තත්ත්වය මධ්‍යයේ හෙට ඉස්ලාමාබාද්හිදී ඉරානය සහ ඇමරිකාව අතර සාම සාකච්ඡා ඇරඹීමට නියමිතය. ජාත්‍යන්තර තෙල් මිල පහත වැටීම සහ ඉරාන වැසියන් මිලියන 14ක් මිනිස් පවුරු ලෙස පෙළගැසීම වැනි පුවත් මධ්‍යයේ, ලෙබනනය සම්බන්ධ ඊශ්‍රායලයේ මෙම ස්ථාවරය කලාපීය සාමය කෙරෙහි කෙබඳු බලපෑමක් ඇති කරනු ඇත්දැයි ලෝක අවධානය යොමුව පවතී.














