ඉරානය සමඟ පවතින ගැටුම්වලින් අනතුරුව ඊශ්‍රායලයේ මීළඟ ඉලක්කය තුර්කිය විය හැකි බවට තුර්කි විදේශ අමාත්‍ය හකන් ෆිඩන් (Hakan Fidan) අනතුරු අඟවා තිබේ. කලාපීය දේශපාලන තත්ත්වයන් මත ඊශ්‍රායලය තුර්කිය සිය සතුරු ඉලක්කයක් ලෙස පත් කර ගැනීමට උත්සාහ කළ හැකි බව ඔහු පෙන්වා දෙයි.
මේ අතර, ඉරාන යුද්ධය අවසන් කිරීම සඳහා පාකිස්තානයේ මැදිහත්වීමෙන් පැවැති සාකච්ඡා මෙතෙක් සාර්ථක වී නොමැති වුවද, සටන් විරාමයකට එළඹීම සඳහා ඉරානය සහ ඇමෙරිකාව තවමත් අවංක උත්සාහයක නිරත වන බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය. එහෙත් හෝමුස් සමුද්‍ර සන්ධිය අවහිර කිරීමට ඇමෙරිකාව ගෙන ඇති තීරණය හමුවේ කලාපීය උණුසුම තවදුරටත් වර්ධනය වෙමින් පවතී.














