නිවාඩු සහ වෙනත් අවශ්‍යතා සඳහා ඊශ්‍රායලයෙන් බැහැරව සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ගේ වීසා බලපත්‍ර කාලය 2026 අප්‍රේල් මස 30 වනදා දක්වා දීර්ඝ කර ඇති බව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා නිවේදනය කරයි. 2026 පෙබරවාරි 28 සිට අප්‍රේල් 21 දක්වා කාලය තුළ කල් ඉකුත් වූ හෝ ඉකුත් වීමට නියමිත වීසා බලපත්‍ර මෙලෙස ස්වයංක්‍රීයව දීර්ඝ වන අතර ඒ සඳහා අලුතින් අයදුම් කිරීමක් අවශ්‍ය නොවේ.
මෙම යාවත්කාලීන කරන ලද වීසා තොරතුරු ඊශ්‍රායල ජනගහන හා ආගමන අධිකාරියේ පද්ධතියට ඇතුළත් කර ඇති බැවින්, එම කාලසීමාව තුළ කිසිදු බාධාවකින් තොරව නැවත ඊශ්‍රායලයට ඇතුළු වීමට ශ්‍රමිකයින්ට අවස්ථාව හිමි වේ.
මේ අතර, ඉරානය සහ හිස්බුල්ලා සංවිධානය විසින් ඊශ්‍රායලයේ උතුරු ප්‍රදේශවල හමුදාමය සහ ආර්ථික ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කිරීමේ දැඩි අවදානමක් පවතින බවට එරට ආරක්ෂක අංශ අනතුරු අඟවා ඇත. ඒ අනුව එහි වෙසෙන ශ්‍රී ලාංකිකයින්ට උපරිම ආරක්ෂක පියවර අනුගමනය කරන ලෙස තානාපතිවරයා විශේෂ දැනුම්දීමක් කරයි.
සයිරන් හඬ නාද වන අවස්ථාවලදී වහාම ආරක්ෂිත ස්ථාන කරා යන ලෙසත්, එවැනි ස්ථාන නොමැති නම් ශක්තිමත් බිත්ති සහිත ආවරණ ලබා ගනිමින් විදුරු ජනෙල් සහ දොරවල්වලින් ඈත්ව සිටින ලෙසත් ශ්‍රී ලාංකිකයින්ට උපදෙස් දී තිබේ. පවතින යුදමය වාතාවරණය හමුවේ තමන් සිටින ප්‍රදේශයේ ආරක්ෂක තත්ත්වය පිළිබඳව නිරන්තර අවධානයෙන් පසුවන ලෙස ද තානාපති කාර්යාලය වැඩිදුරටත් ඉල්ලා සිටියි.
















