ඉරානයට එරෙහිව දියත් කර ඇති හමුදා මෙහෙයුම් අඛණ්ඩව ඉදිරියට ගෙන යන බව ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු අද (10) යළිත් අවධාරණය කළේය. ඊශ්‍රායලයේ රෝහල් සහ සෞඛ්‍ය පද්ධති ප්‍රධානීන් සමඟ පැවැති හමුවකදී ඔහු කියා සිටියේ මෙතෙක් ගෙන ඇති ක්‍රියාමාර්ග හරහා ඉරාන පාලන තන්ත්‍රයේ “ඇටකටු බිඳිමින්” පවතින බවයි.
මෙම යුද මෙහෙයුම්වල මූලික අරමුණ ඉරාන ජනතාවට එරෙහි පීඩාකාරී පාලනයෙන් ඔවුන් නිදහස් කර ගැනීම බවත්, අවසාන වශයෙන් එම තීරණය ඉරාන වැසියන් සතු බවත් ඔහු මෙහිදී සඳහන් කළේය. “අපගේ අරමුණ වන්නේ ඉරාන ජනතාව මෙම කෲර පාලනයේ වියගහෙන් නිදහස් වීම දැකීමයි. නමුත් මෙතෙක් අප ගෙන ඇති ක්‍රියාමාර්ග නිසා ඔවුන් (ඉරාන පාලනය) දැඩි ලෙස දුර්වල වී ඇති බවට සැකයක් නැත,” යනුවෙන් අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
පසුගිය පෙබරවාරි 28 වනදා ආරම්භ වූ “Roaring Lion” මෙහෙයුම යටතේ ඊශ්‍රායලය සහ ඇමරිකාව එක්ව ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථාන, හමුදා කඳවුරු සහ තෙල් පිරිපහදු ඉලක්ක කර ගනිමින් ප්‍රහාර සිය ගණනක් එල්ල කර තිබේ. මෙම ප්‍රහාර හමුවේ ඉරානයේ හිටපු උත්තරීතර නායක අලි කමේනි ඝාතනයට ලක් වූ අතර ඔහුගේ පුත් මොජ්ටාබා කමේනි නව නායකයා ලෙස පත්වීමත් සමඟ දෙපාර්ශවය අතර සටන තවදුරටත් තීව්‍ර වී ඇත. ජනාධිපති ට්‍රම්ප් ද මෙම මෙහෙයුම් ඉතා සාර්ථකව සැලසුම් කළ කාලයට වඩා වේගයෙන් ඉදිරියට යන බව ප්‍රකාශ කර තිබේ.
















