කලාපීය යුද ගිනි දැල් තවදුරටත් ව්‍යාප්ත කරමින් ඊශ්‍රායල ප්‍රහාරක යානා ලෙබනනයේ බීරූට් (Beirut) අගනුවර ඉලක්ක කර ගනිමින් ප්‍රබල බෝම්බ ප්‍රහාර මාලාවක් එල්ල කර තිබේ. ඉරානය විසින් ඊශ්‍රායලයට එල්ල කළ මිසයිල ප්‍රහාරවලට ප්‍රතිචාරයක් ලෙස සහ ලෙබනනය තුළ ක්‍රියාත්මක වන සන්නද්ධ කණ්ඩායම් මැඩපැවැත්වීමේ අරමුණින් මෙම ගුවන් ප්‍රහාර දියත් කර ඇති බව වාර්තා වේ.
බීරූට් නුවර ජනාකීර්ණ ප්‍රදේශ කිහිපයකට මෙම බෝම්බ පතිත වී ඇති අතර, ප්‍රහාරවලින් සිදුවූ ජීවිත හානි සහ දේපළ හානි පිළිබඳව මෙතෙක් නිශ්චිත තොරතුරු වාර්තා වී නොමැත. කෙසේ වෙතත්, ඊශ්‍රායලය සිය ගුවන් මෙහෙයුම් ලෙබනනය දෙසට දැඩි ලෙස යොමු කිරීමත් සමඟ මැදපෙරදිග අර්බුදය තවදුරටත් පාලනය කළ නොහැකි මට්ටමකට වර්ධනය වීමේ අවදානමක් මතුව තිබේ. ලෙබනන රජය මෙම ප්‍රහාරය සිය ස්වෛරීභාවය උල්ලංඝනය කිරීමක් ලෙස හෙළා දැක ඇති අතර, ජාත්‍යන්තර ප්‍රජාව වහාම මැදිහත් වී ගැටුම් සමනය කරන ලෙස ඉල්ලා සිටියි.















