තුර්කියේ ඉස්තාන්බුල් නුවර ෆාතිහ් (Fatih) දිස්ත්‍රික්කයේ අද (22) දහවල් සිදුවූ ප්‍රබල ගෑස් පිපිරීමක් හේතුවෙන් ගොඩනැගිලි දෙකක් සම්පූර්ණයෙන්ම කඩා වැටී තිබේ. ඉන් එකක් මහල් දෙකකින් යුත් ගොඩනැගිල්ලක් වන අතර අනෙක වෙනම පිහිටි ව්‍යුහයකි. මෙම අනතුරෙන් පුද්ගලයින් 9 දෙනෙකු සුන්බුන් අතර සිරවී ඇති බවට වාර්තා වූ අතර වහාම ක්‍රියාත්මක වූ සහන සේවා කණ්ඩායම් සෝදිසි මෙහෙයුම් ආරම්භ කර ඇත.
ඉස්තාන්බුල් ආණ්ඩුකාර දවුත් ගුල් (Davut Gul) ප්‍රකාශ කළේ මේ වන විට පුද්ගලයින් 8 දෙනෙකු සුන්බුන් අතරින් මුදාගෙන අසල පිහිටි රෝහල් වෙත ප්‍රතිකාර සඳහා යොමු කර ඇති බවයි. තවත් එක් පුද්ගලයෙකු සොයා සහන සේවා කණ්ඩායම් අඛණ්ඩව මෙහෙයුම් සිදුකරනු ලබයි. පිපිරීමට හේතුව මෙතෙක් නිශ්චිතව අනාවරණය වී නොමැති අතර ඒ සම්බන්ධයෙන් බලධාරීන් වැඩිදුර විමර්ශන පවත්වයි.














