• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ග්‍රාමීය ජන ජීවිතය සමඟ තදින් බැඳුණු සාම්ප්‍රදායික කර්මාන්ත ආරක්ෂා කිරීම ද අත්‍යවශ්‍යයි – අමාත්‍ය විමල් වීරවංශ

4 March 2021
in සංවර්ධන

කර්මාන්ත ක්ෂේත්‍රයේ පුනරුදයකට මහා පරිමාණ කර්මාන්තවල දියුණුව මෙන්ම ග්‍රාමීය ජන ජීවිතය සමඟ තදින් බැඳුණු සාම්ප්‍රදායික කර්මාන්ත ආරක්ෂා කර ගැනීම ද අත්‍යවශ්‍ය බව කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (03) කඩුවෙල රණාල මැටි ආශ්‍රිත කර්මාන්ත ගම්මානයේ නිරීක්ෂණ චාරිකාවකින් අනතුරුව එම ගම්මානයේ සාම්ප්‍රදායික කර්මාන්තකරුවන්ගේ සහභාගිත්වයෙන් රණාල මහින්දාරාමයේ පැවති ජාතික ශිල්ප සභාව සංවිධානය කළ රැස්වීම අමතමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වීරවංශ අමාත්‍යවරයා මෙසේද සඳහන් කළේය. “ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් හා මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ නායකත්වයෙන් යුත් අපේ ආණ්ඩුව මේ සාම්ප්‍රදායික කර්මාන්ත නගාසිටුවීම පිළිබඳව විශේෂ අවධානයක් යොමු කොට තිබෙනවා. එවැනි අවධානයක් යොමු කර ඇති නිසා තමයි අපට මේ ගම්මානයට පැමිණ, ‘මෙම මැටි ආශ්‍රිත කර්මාන්තය අනාගත පරපුරටත් උරුම කරදීම සඳහා කළ යුත්තේ කුමක්ද?’ කියා මෙසේ සාකච්ඡා කිරීමට හැකිව තිබෙන්නේ. මෙම කර්මාන්තය ඉදිරියට ගෙන යා හැකි අන්දමින් අදාළ කටයුතු සඳහා මේ වසර තුළදී රුපියල් ලක්ෂ 200ක් යෙදවීමට අපි මේ වනවිට කටයුතු යොදා තිබෙනවා. කර්මාන්ත ක්ෂේත්‍රයේ දියුණුවක් බලාපොරොත්තු වන විට මහා පරිමාණ කර්මාන්තවල ප්‍රවර්ධනය මෙන්ම ග්‍රාමීය ජන ජීවිතය සමග තදින් බැඳුණු මෙවැනි සාම්ප්‍රදායික කර්මාන්ත ආරක්ෂා කිරීම ද අත්‍යවශ්‍ය වෙනවා. ලෝකයේ දියුණු රටවල් තාක්ෂණය අතින් ඉතා ඉහළින් සිටියත් ඒහා සමගාමීව තම රටේ සාම්ප්‍රදායික කර්මාන්ත ඉදිරියට ගෙන යාම අද පවතින ප්‍රවණතාවක් බවට පත්ව ඇත්තේ ඒ නිසයි. සාම්ප්‍රදායික කර්මාන්ත තුළින් නිෂ්පාදනය කෙරෙන භාණ්ඩවලට තිබෙන වෙළෙඳපොළ අවකාශය කිසිවිටෙක අහිමි වන්නේ නැහැ. නිදසුනක් ලෙස පන්සල, පල්ලිය, කෝවිල පවතින තෙක් මැටි පහනට තිබෙන ඉල්ලුම නැති වන්නේ නැහැ. එවැනි වෙළඳපොළ අවකාශයක් සෑම විටම සාම්ප්‍රදායික කර්මාන්තවලට පවතින නිසා ඒවා ප්‍රවර්ධනය සඳහා අපිට ආණ්ඩුවක් ලෙස මැදිහත්වීම ඉතා ඵලදායක කටයුත්තක් වී තිබෙනවා. කඩුවෙල නගරාධිපතිතුමන් මෙම කර්මාන්ත ගම්මානය ආසන්න ස්ථානයක ඉදිරි පරපුරට මෙම කර්මාන්තය ඉගෙනගැනීමේ පහසුකම් ද සහිත නවීන තාක්ෂණයෙන් සමන්විත මධ්‍යස්ථානයක් ඉදිකිරීම සඳහා සුදුසු භූමිභාගයක් ලබාදීමට දැනටමත් එකඟ වී තිබෙනවා. ඒ අනුව අපි නුදුරේ දී එම කටයුත්ත ආරම්භ කරනවා. එලෙස පොදු මධ්‍යස්ථානයක් ඉදි කිරීම තුළින් ඔබ මුහුණ පා ඇති ගැටළු රැසකට පිළිතුරු ලැබෙනවා. ඔබට පෞද්ගලිකව මුහුණ පෑමට සිදුව ඇති ගැටළු ද මෙහිදී ඉදිරිපත් වුණා. ඒවාට ද හැකි පමණින් කඩිනමින් විසදුම් ලබා දීමට අපි සූදානම්. අපිට මෙම කර්මාන්තය ඉදිරි පරපුර වෙත දායාද කිරීමට හැකි වන්නේ අපේ දරුවන් මෙම කර්මාන්තයේ දියුණුවක් දැක ඊට දායක වුවහොත් පමණයි. ඒ දියුණුව ඇති කිරීමට අපි වෙළෙඳපොළ අවකාශය දිනාගත යුතුයි. සාම්ප්‍රදායික කර්මාන්ත ආශ්‍රිත නිෂ්පාදනවලට පවා ආනයනික විකල්ප නිෂ්පාදන විශාල වශයෙන් මෙරටට ගෙන ඒම ගැටළුවක්ව පැවතියා. නමුත් මේ වන විට ආනයනික භාණ්ඩ සඳහා පනවා ඇති සීමා හේතුවෙන් සාම්ප්‍රදායික දේශීය නිෂ්පාදනවලට වෙනදාට වඩා පුළුල් වෙළෙඳපොළක් නිර්මාණය වී තිබෙනවා. එම අවස්ථාවෙන් ඵල නෙළා ගැනීමට ඔබ සැම උත්සුක විය යුතුයි. “

මෙම අවස්ථාවට වේවැල්, පිත්තල, මැටි, ලී බඩු සහ ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර, ජාතික ශිල්ප සභාවේ සභාපති සුදත් අබේසේකර, කඩුවෙල නගරාධිපති බුද්ධික ජයවිලාල්, කඩුවෙල ප්‍රාදේශීය ලේකම් ඇතුළු රාජ්‍ය නිලධාරීහු රැසක් ද එක්ව සිටියහ.

 

Post Views: 5
Previous Post

ගුවන් යානා සංදර්ශනය ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ

Next Post

දරුවන් සඳහා දුරස්ථ අධ්‍යාපන ඉහල නැංවීම කාලින අවශ්‍යතාවක් – අධ්‍යාපන ඇමති

editor

editor

Next Post

දරුවන් සඳහා දුරස්ථ අධ්‍යාපන ඉහල නැංවීම කාලින අවශ්‍යතාවක් - අධ්‍යාපන ඇමති

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved