• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මාධ්‍යවේදීන්, මාධ්‍ය ආයතන විසින් මාධ්‍ය නියාමනයක් කිරීම වැදගත් – මන්ත්‍රී එස්.බී.දිසානායක

19 October 2023
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

මාධ්‍යයේ තිබියයුතු උතුම් මූලධර්ම, ගුණධර්ම, සාරධර්ම ආරක්ෂා කරගැනීමට රටේ සියලූම මාධ්‍යවේදීන්, මාධ්‍ය ආයතනත් ස්වෙච්ඡාවෙන් කැපවීම වැදගත් බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී.දිසානායක මහතා පවස.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ අද (19) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදි පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී.දිසානායක මහතා, “අපි පක්ෂයක් හැටියටත් ආණ්ඩුවක් හැටියටත් කිසිසේත් මාධ්‍ය වාරණ පනතකට, මාධ්‍ය වාරණ නීති රිතිවලට එකඟවෙන්නේ නැහැ. හැබැයි අපි හිතන්නේ මාධ්‍ය ආයතන විසින්ම, මාධ්‍යවේදීන් හැටියට ඔබලාම මාධ්‍ය නියාමනයක් හරහා මාධ්‍යයේ තිබිය යුතු උතුම් මූලධර්ම, ගුණධර්ම, සාරධර්ම ආරක්ෂා කරගැනීමට මේ රටේ සියලූම මාධ්‍යවේදීන් වගේම මාධ්‍ය ආයතනත් කැමතියි. ඒ නිසා අපි එකඟවන්නේ සියලූම මාධ්‍යවේදීන් හා මාධ්‍ය ආයතන විසින් ස්වෙච්ඡාවෙන් මාධ්‍ය නියාමනයක් කරගැනීම සඳහා වූ පනතකට හැරෙන්න මාධ්‍ය පාලනය කරන්න, මාධ්‍ය වාරණය කරන පනතකට නොවන බවත් එවැනි උත්සහයක් ආණ්ඩුව තුළ නොමැති බවත් කියන්න කැමතියි. මේ වෙන කොට හමාස් සංවිධානය විසින් ඊශ්‍රාලයට කළ මහා ම්ලේච්ඡ ප්‍රහාරය මත දැන් හමාස් ඊශ්‍රාල යුද්ධයක් ආරම්භවෙලා තිබෙනවා. එයට සම්පූර්ණ මුස්ලිම් ලෝකය කලතා දමා තිබෙනවා. මේ තත්වය ඉතා ඛේදවාචකයක්. ඉතාම අවාසනාවන්ත සිද්ධියක්. මෙය වහාම සමතයකට පත් කළයුතු කාරණයක් හැටියට අපි දකිනවා. මේ ප්‍රශ්නය අතට අරගෙන මෙයට ගෝලීය විසඳුමක් ලබාදිලා මෙය සාමකාමී තත්වයකට මුළු ලෝකයම පත් කිරීම ඉතාම අත්‍යවශ්‍ය දෙයක්. හිතාගන්න බැරිතරම් අමානුෂික සිදුවීම් පහුගිය දවස්වල රෝහල්වලට පහරදීම ආදි සිදූවීම් දැක්කාම සිලාචාර මිනිස් සමාජයක් ද කියලා හිතන තරමට මහා වේදනාකාරි. මුළු ලෝකයේම මෙයට මැදිහත්වෙලා මෙය සමතයකට පත්කළයුතු වෙනවා. දැන් ලෝක බලවතුන්ට අවශ්‍යවෙලා තිබෙනවා මේ ඊශ්‍රාල, හමාස් ගැටුම ඉක්මණින් අවසන් කරලා සාමකාමි කරන්න. අපේ පැතුම මේක මහා යුද්ධයකට තල්ලු වෙන්නේ නැතිව මෙය සාමකාමීව අවසන් වෙනවා දකින්නයි. ඒ වගේම පහුගිය දවස්වල සිරකරුවෙක් පුංචි ලියුමක් මාර්ගයෙන් විජේදාස රාජපක්ෂ මැතිතුමාට දන්වපු පණිවිඩය නැවත ස්ථාන කිහිපයකට ප්‍රහාරයක් එල්ල කිරීමේ සූදානමක් තියෙනවා කියන එක අපි සරලව පැත්තකට දැමීමට හොඳ නැහැ. පාස්කු ඉරිදා ප්‍රහාරයට කලින් ඒ වසරේ ප්‍රහාර 11 ක් එල්ල වුණා. හුඟක් ඒවා නැගෙනහිර. මේ සේරගේම පිටුපස මේ අන්තවාදි වහප් ජමෙයිතුල්ලා ව්‍යාපාරවල බලපෑම් තිබුණා. ආචාර්ය රෝහාන් ගුණරත්න පෙන්වන ආකාරායට මේ සිද්ධියෙන් පසුත් මේ සංවිධාන ලෝකයේ ක්‍රියාත්මක වෙනවා වගේම ලංකාවේත් තැනින් තැන ක්‍රියාත්මක වෙනවා කියන එක ඔහු ඔහුගේ පොතේ විස්තර කරනවා. ඒ නිසා මම හිතන්නේ අපි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැටියට රජයට කියන්න කැමති විජේදාස රාජපක්ෂ මැතිතුමාට ඒ ලැබිච්ච පණිවිඩය සරලව ගන්නේ නැතිව මේ පිළිබඳව වහාම පරීක්ෂණ ආරම්භ කරලා ඒ ආරක්ෂාව සඳහා අවශ්‍ය ප්‍රතිකර්ම යොදන්න කියලා. පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ සියලු තොරතුරු අපිට හමුවුණා. නමුත් අපේ ආරක්ෂක අංශ, පොලිසිය, බුද්ධි අංශ ආණ්ඩුව එය තැකීමකට ගත්තේ නැහැ. එදා යහපාලන රජයේ විශේෂයෙන් ජනාධිපති, අගමැතිතුමා අතර තිබුණු උග්‍ර මතභේද හා ආරක්ෂක මණ්ඩලය මාස ගණන් රැස්වෙන්නේ නැහැ. මේ වගේ තත්වයන් නිසා එය ඉතා නරක විදිහට බලපෑවා. අද එහෙම එකක් නැහැ. අද ඊට වඩා රටේ ආරක්ෂක තත්වය, බුද්ධි අංශ, පොලිසිය අද හරියට ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා වහාම මේ පිළිබඳව අවධානය යොමු කරන්න. විශේෂයෙන්ම රජයේ අවධානය යොමු වෙනවා නම් ඒ ආචාර්ය රෝහාන් ගුණරත්න ඒ දිලා තිබෙන පොතේ තිබෙන ඇතැම් කරුණු හරියටම බලලා ඒ පිළිබඳව සොයා බැලීම ඉතා වැදගත් කියලා මම කියන්න කැමතියි. ”යනුවෙන් මන්ත්‍රී එස්.බී.දිසානායක මහතා මෙහිදි සඳහන් කළේ ය.

Post Views: 1
Previous Post

මාවනැල්ල නගර සංවර්ධන සැලසුම යාවත්කාලීන කෙරේ – ඇමැති ප්‍රසන්න

Next Post

DFCC Junior ළමා ඉතුරුම් ගිණුම සුවිශේෂී තෑගි ක්‍රම සමඟින් නව ප්‍රතිලාභ රැසක් හඳුන්වා දෙයි

editor

editor

Next Post

DFCC Junior ළමා ඉතුරුම් ගිණුම සුවිශේෂී තෑගි ක්‍රම සමඟින් නව ප්‍රතිලාභ රැසක් හඳුන්වා දෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025

Recent News

අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved