• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

COP සමුළු එකඟතා සහ සම්මුති කඩිනමින් ක්‍රියාත්මක කිරීම ජනපතිගේ අපේක්ෂාවයි – පරිසර ඇමැති කෙහෙලිය

29 November 2023
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

මෙතෙක් පැවති එක්සත් ජාතීන්ගේ දේශගුණ විපර්යාස සමුළුවල (COP) අතිකරගත් එකඟතා සහ සම්මුති කඩිනමින් ක්‍රියාත්මක කිරීමේ වැඩපිළිවෙලක් සකස් කිරීමේ ප්‍රමුඛ අපේක්ෂාවෙන් යුතුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු ශ්‍රී ලංකා ධූත පිරිස මෙවර ඩුබායිහී පැවැත්වෙන සමුළුව සඳහා සහභාගී වන බව පරිසර අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ඊයේ (28) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

ස්වභාවික සම්පත් ආර්ථික කටයුතු සඳහා යොදා ගැනීමේ දී මෙන්ම පරිසරය සම්බන්ධ සෑම ක්‍රියාකාරකමක්ම විධිමත් මෙන්ම සැලසුම් සහගත විද්‍යාත්මක පදනමක් තුළ සිට කටයුතු කිරීමේ වැදගත්කම පෙන්වා දුන් අමාත්‍යවරයා සිදුවන සුළු අතපසුවීමක් මහා විනාශයකට හේතුවිය හැකි බව ද අවධාරණය කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා “ පරිසරය සහ සංවර්ධනය තුලනය කරගන්නේ කෙසේ ද යන්න පිළිබඳව අප අවධානය යොමු කළ යුතු වනවා. සීමා සහිතව පවතින අපගේ පරිසර පද්ධතිය තුළ දැවැන්ත සම්පත් ප්‍රමාණයක් තිබෙනවා. මැණික් සහ ඛණිජ ද්‍රව්‍යය ආදිය ආර්ථිකමය වශයෙන් ප්‍රයෝජනයට ගන්නා විට සිදුවන්නා වූ පාරිසරික සහ සාමාජීය ගැටළු සඳහා මුහුණ දෙන්නේ කෙසේ ද යන්න පිළිබදව ද නිවැරදි අධ්‍යයනයක යෙදිය යුතුයි. ඊට අදාළ අපගේ පරිසර වැඩපිළිවෙල විධිමත් මෙන්ම සැලසුම් සහගත විද්‍යාත්මක පදනමක් තුළ සිදු කළ යුතුයි. එසේ නොමැතිව සිදුවන සුළු අඩුපාඩුවකින් සියල්ල නැති විය හැකියි. එය මිලියන විසි දෙකක ජනාතාවට පමණක් නොව නූපන් දරු පරපුරට ද බලපාන බව අප මතකයේ තබාගත යුතුයි.

ස්වාභාවික පරිපර පද්ධති ආරක්ෂා කරගැනීම මෙන්ම දේශගුණික විපර්යාස සම්බන්ධයෙන් මේ වන විට ගෝලීය අවධානය යොමු වී තිබෙනවා. ලෝක නායකයන් රැසක් පෙර නොවූ විරූ ලෙස ඒ පිළිබඳව උනන්දු වෙනවා. එහි තවත් සුවිශේෂි කටයුත්තක් ලෙස 2023 දෙසැම්බර් 04 වනදා ඩුබායි එක්ස්පෝ සිටිහිදී, පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ දේශගුණ විපර්යාස සමුළුව (Cop-28) හඳුන්වා දිය හැකියි. ඒ සඳහා ලෝක නායකයින් 136 දෙනෙකු පමණ සහභාගී වීමට නියමිතයි.

පෘතුවියේ පවතින දේශගුණික විපර්යාසයන් පිළිබඳව මුළු ලෝකය අවධානය යොමු කර ඇති බව මෙයින් තහවුරු වෙනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ දූත මණ්ඩලයක් ද මේ සඳහා සහභාගී වනවා. එහිදී ජනාධිපතිවරයාගේ ප්‍රධාන ඉලක්කය වී තිබෙන්නේ මෙතෙක් පැවති එක්සත් ජාතීන්ගේ දේශගුණ විපර්යාස සමුළුවල (COP) ඇතිකරගත් එකඟතා සහ සම්මුති කඩිනමින් ක්‍රියාත්මක කිරීමේ වැඩපිළිවෙලක් සකස් කිරිමයි. එසේම දේශගුණික විපර්යාස සම්බන්ධයෙන් තීරණාත්මක යෝජනා කිහිපයක්ම කෙරෙහි ලෝක නායකයන්ගේ අවධානය යොමු කරවීමට ද ජනාධිපතිවරයා කටයුතු කරනු ඇතියි. එමෙන්ම නිසි ප්‍රමිතියට නොමැති ඖෂධ සම්බන්ධයෙන් පසුගිය සමයේ විවිධ චෝදනා එල්ල වුණා. එහිදී ලැබුණු පළමු පැමිණිල්ල අවස්ථාවේම ක්‍රියාත්මක වී අදාළ ඖෂධ සඳහා අනුමැතිය ලබාගත් ආකාරය ජාතික ඖෂධ නියාමන අධිකාරිය හරහා සොයා බැලුවා. එහිදී අනාවරණය වූයේ ව්‍යාජ සටහන් ඉදිරිපත්කර එම කටයුතු සිදුකර ඇති බවයි. එය වාර්තා වූ සැණින් මා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළා. ඒ පිළිබඳව මේ වන විට අධිකරණ ක්‍රියාවලියක් සිදු කෙරෙනවා. මා විසින් සිදුකළ පළමුවෙනි පැමිණිල්ලෙන් පසුව විවිධ කණ්ඩායම් ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීම ආරම්භ කළා. ඒ නිසා විවිධ පාර්ශව එල්ල කරන විවිධ චෝදනා මම ප්‍රතිකේෂ්ප කරනවා. වැරදිකරුවන් කව්ද යන්න අධිකරණය විසින් තීන්දු කරයි යැයි අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා වැඩිදුරටත් කියා සිටියේය.

 

Post Views: 3
Previous Post

නව චින්තනයක් ඔස්සේ කටයුතු කරමින් සංචාරක ක්ෂේත්‍රය දියුණු කළ යුතුයි – ජනපති

Next Post

මෙරට සියලු කාන්තාවන් ඩිජිටල් ආර්ථීකයෙන් සවිබල ගැන්වීමට සුහුරුලිය 2.0 ඇරඹේ

editor

editor

Next Post

මෙරට සියලු කාන්තාවන් ඩිජිටල් ආර්ථීකයෙන් සවිබල ගැන්වීමට සුහුරුලිය 2.0 ඇරඹේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉරානයට ගුවන් ප්‍රහාර මාලාවක්

ඉරානයට ගුවන් ප්‍රහාර මාලාවක්

13 June 2025
ඉන්දියා ගුවන් අනතුරින් එක් අයෙකු දිවි ගලවා ගත්තේ කෙසේද ?

ඉන්දියා ගුවන් අනතුරින් එක් අයෙකු දිවි ගලවා ගත්තේ කෙසේද ?

13 June 2025
අදත් තද වැසි

අදත් මහ වැස්ස

13 June 2025
විනාශකාරී ගුවන් අනතුරින් මෙතෙක් වාර්තා වූ ජීවිත හානි

විනාශකාරී ගුවන් අනතුරින් මෙතෙක් වාර්තා වූ ජීවිත හානි

12 June 2025

Recent News

ඉරානයට ගුවන් ප්‍රහාර මාලාවක්

ඉරානයට ගුවන් ප්‍රහාර මාලාවක්

13 June 2025
ඉන්දියා ගුවන් අනතුරින් එක් අයෙකු දිවි ගලවා ගත්තේ කෙසේද ?

ඉන්දියා ගුවන් අනතුරින් එක් අයෙකු දිවි ගලවා ගත්තේ කෙසේද ?

13 June 2025
අදත් තද වැසි

අදත් මහ වැස්ස

13 June 2025
විනාශකාරී ගුවන් අනතුරින් මෙතෙක් වාර්තා වූ ජීවිත හානි

විනාශකාරී ගුවන් අනතුරින් මෙතෙක් වාර්තා වූ ජීවිත හානි

12 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉරානයට ගුවන් ප්‍රහාර මාලාවක්

ඉරානයට ගුවන් ප්‍රහාර මාලාවක්

13 June 2025
ඉන්දියා ගුවන් අනතුරින් එක් අයෙකු දිවි ගලවා ගත්තේ කෙසේද ?

ඉන්දියා ගුවන් අනතුරින් එක් අයෙකු දිවි ගලවා ගත්තේ කෙසේද ?

13 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved