ඉතාලියේ බටහිර වෙරළට ඔබ්බෙන් පිහිටි ටිරේනියන් මුහුදු ප්‍රදේශයේ රික්ටර් මාපක 6.1ක ප්‍රබලතාවයෙන් යුතු භූමිකම්පාවක් අද (10) සිදු වී ඇති බව ජර්මානු භූ විද්‍යා පර්යේෂණ මධ්‍යස්ථානය (GFZ) නිවේදනය කරයි. මෙම භූ කම්පනය මුහුදු මට්ටමේ සිට කිලෝමීටර් 377ක (සැතපුම් 234) ගැඹුරින් සිදුව ඇති බව වාර්තා වේ. කම්පනය ප්‍රබල වුවද එය ඉතා ගැඹුරු මුහුදේ සිදුවීම හේතුවෙන් ගොඩබිමට සිදුවිය හැකි හානිය අවම විය හැකි බව භූ විද්‍යාඥයන්ගේ මතයයි. කෙසේ වෙතත්, ඉතාලි බලධාරීන් වෙරළබඩ ප්‍රදේශවල තත්ත්වය පිළිබඳව දැඩි අවධානයෙන් පසුවෙයි.














