ඉරානයට එරෙහිව ඇමරිකාව සහ ඊශ්‍රායලය දියත් කර ඇති ඒකාබද්ධ හමුදා මෙහෙයුම් සඳහා තවදුරටත් සහාය ලබා නොදෙන බව ඉතාලි අගමැතිනී ජෝර්ජියා මෙලනි නිල වශයෙන් ප්‍රකාශ කර තිබේ. ඉතාලි පාර්ලිමේන්තුව අමතමින් ඇය අවධාරණය කර ඇත්තේ සිය රට මැදපෙරදිග කලාපයේ පවතින මෙම යුද්ධයේ කොටස්කරුවෙකු නොවන බවයි. ඒ අනුව දැනට මැදපෙරදිග කලාපයේ රැඳී සිටින ඉතාලි හමුදා කණ්ඩායම් වහාම ඉවත් කර ගැනීමට පියවර ගන්නා බව ද ඇය එහිදී වැඩිදුරටත් සඳහන් කළාය.
ඉරානය සමඟ පවතින සෘජු යුදමය ගැටුම්වලට ඉතාලිය මැදිහත් නොවන බවත්, කලාපීය සාමය ආරක්ෂා කිරීම වෙනුවෙන් සිය රට පෙනී සිටින බවත් අගමැතිනියගේ ප්‍රකාශයෙන් ගම්‍ය වේ. ඇමරිකාව ප්‍රමුඛ සන්ධානයේ ප්‍රබල සාමාජිකයෙකු වූ ඉතාලිය ගත් මෙම හදිසි තීරණය යුරෝපීය දේශපාලනය තුළ මෙන්ම වත්මන් මැදපෙරදිග යුද වාතාවරණය තුළ ද සුවිශේෂී හැරවුම් ලක්ෂ්‍යයක් වනු ඇති බව විදේශීය මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. මෙම තීරණයත් සමඟ ඉරානයට එරෙහි ජාත්‍යන්තර යුද සන්ධානය තුළ යම් පසුබෑමක් ඇති විය හැකි බව දේශපාලන විචාරකයෝ මත පළ කරති.













