යාපනය විශ්වවිද්‍යාල ඉතිහාසයේ නව වාර්තාවක් තබමින්, වෛද්‍ය විද්‍යාව වෙනුවෙන් පිරිනමනු ලබන රන් පදක්කම් අටම දිනා ගැනීමට නාගදීප ප්‍රදේශයේ පදිංචි අබිරාමී නාගරත්නම් සිසුවිය සමත් වී තිබේ. වෛද්‍ය පීඨයේ දීප්තිමත් ශිෂ්‍යාවක ලෙස විවිධ විෂයන් යටතේ ඇය දැක්වූ මෙම අසාමාන්‍ය දක්ෂතාව විශ්වවිද්‍යාල ප්‍රජාවගේ මෙන්ම ප්‍රදේශවාසීන්ගේ ද ඉහළ ඇගයීමට ලක්ව ඇත.
මේ අතර, එම විශ්වවිද්‍යාලයේම ව්‍යාපාර හා කළමනාකරණ පීඨයේ තංගරාසා ජෙස්මින් යුලීරා ශිෂ්‍යාව ද සිය විෂය ක්ෂේත්‍රය වෙනුවෙන් පිරිනමනු ලබන රන් පදක්කම් හතම දිනා ගනිමින් විශිෂ්ට ජයග්‍රහණයක් වාර්තා කර තිබේ. යාපනය විශ්වවිද්‍යාලයේ මේ දිනවල පැවැත්වෙන 40 වැනි උපාධි ප්‍රදානෝත්සවයේදී මෙම දක්ෂ සිසුවියන් දෙදෙනා සිය උපාධි සහ රන් පදක්කම් ලබා ගැනීමට නියමිතය.
උතුරු පළාතේ අධ්‍යාපන ක්ෂේත්‍රයට මහත් අභිමානයක් එක් කළ මෙම ජයග්‍රහණය, වෛද්‍ය විද්‍යාව සහ කළමනාකරණ ක්ෂේත්‍රයන්හි ඉදිරි ගමනට මහඟු ශක්තියක් වනු ඇති බව අධ්‍යාපනඥයෝ පෙන්වා දෙති. යාපනය විශ්වවිද්‍යාලයේ වත්මන් පාලනාධිකාරිය ද මෙම සිසුවියන්ගේ කැපවීම සහ දක්ෂතාව පිළිබඳව සිය ප්‍රසාදය පළ කර සිටියි.














