යාපනය විශ්වවිද්‍යාලයේ සේවය කළ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරියක ඇයගේ බෑනා විසින් සිදුකළ පහරදීමකින් ඝාතනය කර ඇති බව පොලිසිය තහවුරු කරයි. මෙම සිද්ධිය සම්බන්ධයෙන් 21 හැවිරිදි බෑනා සහ 19 හැවිරිදි දියණිය ත්‍රිකුණාමලයේදී අත්අඩංගුවට ගෙන ඇත. මියගිය කථිකාචාර්යවරිය සහ දියණිය පැහැරගෙන ගොස් ඇති බවට ඇයගේ පුත්‍රයා විසින් යාපනය පොලිසියට කළ පැමිණිල්ලකට අනුව විමර්ශන ආරම්භ කර තිබුණි. සැකකාර බෑනා විසින් සිදුකළ පහරදීමකින් ඇය මියගිය පසු මළ සිරුර යාපනය ප්‍රදේශයේ මාර්ගයක දමා ගොස් ඇති බව හෙළි වී තිබේ. සැකකාර යුවළ පරන්තන් ප්‍රදේශයේදී ATM යන්ත්‍රයකින් මුදල් ලබාගෙන ඇති අතර, පසුව ත්‍රිකුණාමලයේ පිරවුම්හලකින් ඉන්ධන ලබාගැනීමට භාවිතා කළ QR කේතය සහ CCTV දර්ශන ඔස්සේ ඔවුන්ව හඳුනා ගැනීමට පොලිසිය සමත් වී ඇත.














