තම රාජකාරි ඉටු කිරීමට නොහැකි බව හැඟෙන ඕනෑම ජනාධිපතිවරයෙකු ධුරයෙන් ඉවත් කිරීමේ ක්‍රියාවලිය පහසු කිරීම සඳහා ස්වාධීන කොමිසමක් පිහිටුවීමට ඩිමොක්‍රටික් පාක්ෂික ජේමි රස්කින් (Jamie Raskin) මහතා සූදානම් වෙයි. ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉරානය සම්බන්ධයෙන් සිදු කළ “මුළු ශිෂ්ඨාචාරයක්ම විනාශ වනු ඇතැයි” යන ප්‍රකාශයත් සමඟ ඇති වූ නොසන්සුන්කාරී වාතාවරණය මීට ප්‍රධාන හේතුව වී තිබේ.
ඇමරිකානු ව්‍යවස්ථාවේ 25 වන සංශෝධනය ක්‍රියාත්මක කිරීම සඳහා පදනම සකසන මෙම පනත මගින් සාමාජිකයින් 17 දෙනෙකුගෙන් යුත් ද්විපාර්ශ්වික කොමිසමක් පිහිටුවීමට යෝජිතය. ජනාධිපතිවරයෙකු ශාරීරික හෝ මානසික දුර්වලතාවයකින් පෙළෙන්නේ නම්, ඔවුන්ව ධුරයෙන් ඉවත් කිරීමේ නීතිමය ක්‍රියාවලිය මෙමගින් විධිමත් කෙරේ. කෙසේ වෙතත්, රිපබ්ලිකන් පක්ෂයේ පාලනය පවතින සභාව තුළ මෙම පනත සම්මත කර ගැනීම අසීරු වනු ඇතැයි විශ්වාස කෙරේ.














