• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ජනතා විමුක්ති පෙරමුණ රටේ අති විශාල දේපළ ප්‍රමාණයක් විනාශ කලා – මන්ත්‍රී විමලවීර

21 February 2023
in දේශීය
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter

මේ රටේ අති විශාල දේපළ ප්‍රමාණයක් විනාශ කළ පළමු සංවිධානය එල්ටිටිඊ සංවිධානය බවත් දෙවනි සංවිධානය ජනතා විමුක්ති පෙරමුණ බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී විමලවීර දිසානායක මහතා පවසයි.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ අද (21) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදි පාර්ලිමේන්තු මන්ත්‍රී විමලවීර දිසානායක මහතා, “මේ දවස්වල හැම තැනම ඝෝෂා නගමින් සිටින්නේ ඡන්දය පිළිබඳවයි. මේ රටේ 1931 ඉඳලා ඡන්ද දිගටම තිබිලා තිබෙනවා. ඡන්ද කල්දාපු අවස්ථාත් තිබිලා තිබෙනවා. හැබැයි එසේ ඝෝෂාවල් තිබිලා නෑ. මැතිවරණ කල්තියපු ඉතිහාසයක් තිබෙනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අපි මැතිවරණයට සූදානම්. අපි සියලු සංවිධාන කටයුතු කරලා තිබෙනවා. පුංචි පුංචි රැස්වීම් තියලා තිබෙනවා. මහා පරිමාණයේ ඒවා තිබ්බේ නෑ. අපි ක්‍රමානුකූලව ඉතිහාසයේ මැතිවරණ කරපු පක්ෂයක්. විශිෂ්ටතම ජයග්‍රහණය ලබපු පක්ෂයක් අපි. අවුරුදු 02 න් පක්ෂය පිහිටුවලා මැතිවරණයට ගිහිල්ලා මේ රටේ 2018 පෙබරවාරි 10 දා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විශිෂ්ඨම ජයග්‍රහණයක් ලැබුවා. එතකොට අපි එහෙම දිනපු කණ්ඩායමක්. ජනාධිපතිවරණය, පාර්ලිමේන්තු මැතිවරණය ජයග්‍රහණය කරපු කණ්ඩායමක්. ඒ නිසා අපි මැතිවරණ කරපු අය. අපි දන්නවා මැතිවරණ කරන හැටි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මැතිවරණ කල්දාන්න සම්බන්ධයක් නෑ. එයට අනුග්‍රහයක්වත් නෑ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මැතිවරණයට සූදානමින් සිටින්නේ. සජිත් ප්‍රේමදාස ඇතුළු සජබේ එකතුවෙලා එදා අවුරුදු 03 ට ප්‍රාදේශීය සභා මැතිවරණය කල් තිබ්බා. එයට සහය දුන්නේ ජනතා විමුක්ති පෙරමුණ. එදා ඡන්ද කල්දාන්න සම්මාදන්වෙච්ච ජනතා විමුක්ති පෙරමුණ අද කියනවා මැතිවරණ කල් තිබ්බොත් බලාගෙනයි කියලා. දැන් මොවුන් ප්‍රජාතන්ත්‍රවාදයේ මුරදෙවතාවෝ. 1989 පාර්ලිමේන්තු මැතිවරණයේදී අපේ ඡන්දය ඉල්ලපු කළුතර දිස්ත්‍රික් නාකයා ඇතුළු අපේක්ෂකයෝ 06 ක් මැරුවා. ඡන්දය දිපූ දහස් ගාණක් මැරුවා. එහෙම කරපු ජනතා විමුක්ති පෙරමුණ දැන් ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පන දෙන්න එනවා. අලුතෙන් පහල වෙච්ච පිරිසක් වගේ කතා කරන්නේ. මේ දවස්වල හැමෝටම හොරු හොරු කියනවා. ජනතා විමුක්ති පෙරමුණ තරම් හොරකම් කරලා නෑ කවුරුත්. ජනතා විමුක්ති පෙරමුණ 1971 ග්‍රාමීය බැංකු ටික ඔක්කොම කඩලා සල්ලි ගත්තා. සමූපකාර ටික කැඩුවා. මේ රටේ අතිවිශාල දේපළ ප්‍රමාණයක් විනාශ කළ පළමු සංවිධානය තමයි එල්ටිටිඊ සංවිධානය. දෙවනි සංවිධානය තමයි ජනතා විමුක්ති පෙරමුණ. රට හදන්න තමයි මොවුන් කතා කරන්නේ. මොවුන් බදු සහන දෙනවා, සහනාධාර දෙනවා කියනවා. විදුලබිල අඩු කරනවා කියනවා. මේ සහන දෙන්න ජනතා විමුක්ති පෙරමුණට අලුතින් දෙන්න ආදායම් මාර්ගයක් කොයින්ද? මේ කියන්නේ ඇත්තක්ද. දැන් හරිනි අමරසූරිය කියන කතා සුරංගනා කතාවෙලා තිබෙන්නේ. අනුර කුමාර මහතාගේ සුරංගනා කතා නිසා. හොරුන්ට හොරු කියනවා හොරුම. එක එක්කෙනාට ඇගිල්ල දික් කරනකොට තමන්ගේ පැත්තටත් ඇගිලි 04 ක් දික්වෙලා තිබෙන්නේ. දැන් ගමේ පොඩි රැස්වීමක් කරන්න වේදිකාව, පෝස්ටර් හදන්න විශාල මුදලක් වියදම් කරනවා. අපිට එහෙම කරන්න පුළුවන්කමක් නැ. විශාල වියදමක් දරනවා මේ මැතිවරණ ව්‍යාපාරයට ජනතා විමුක්ති පෙරමුණ. ඊයේ ‍පෙරේදා රැස්වීමක් තිබුණා මොණරාගල. විවිධ ප්‍රදේශවලින් බස් පුරවගෙන ඇවිත් තිබෙනවා. ඔවුන්ට සෙනග ඉන්නවා කියලා පෙන්වන්නේ එහෙමයි. අපි ගණන් කරලා බලමු. යැයි මන්ත්‍රී විමලවීර දිසානායක මහතා වැඩිදුරටත් කියා සිටියේය.

 

Post Views: 10
Previous Post

ජාත්‍යන්තර මාතෘ භාෂා දිනය අගැමැති ප්‍රධානත්වයෙන් සැමරේ

Next Post

“සිංහල අකුරු” සහ “දෙමළ අකුරු” ග්‍රන්ථ ජනපතිට පිළිගන්වයි

editor

editor

Next Post

“සිංහල අකුරු" සහ "දෙමළ අකුරු" ග්‍රන්ථ ජනපතිට පිළිගන්වයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
දිවයින පුරා රාජ්‍ය ඔසුසැල් 130ක් විවෘත කිරීමේ සූදානමක්

දිවයින පුරා රාජ්‍ය ඔසුසැල් 130ක් විවෘත කිරීමේ සූදානමක්

27 June 2025
ධීවර වරාය සංස්ථාවේ හිටපු සභාපතිත් අත්අඩංගුවට !

ධීවර වරාය සංස්ථාවේ හිටපු සභාපතිත් අත්අඩංගුවට !

27 June 2025
නිශාන්ත වික්‍රමසිංහත් අත්අඩංගුවට !

නිශාන්ත වික්‍රමසිංහත් අත්අඩංගුවට !

27 June 2025
”යුක්තියේ දේවතාවිය අපව බේරා ගනීවි” – කෙහෙළිය

”යුක්තියේ දේවතාවිය අපව බේරා ගනීවි” – කෙහෙළිය

27 June 2025

Recent News

දිවයින පුරා රාජ්‍ය ඔසුසැල් 130ක් විවෘත කිරීමේ සූදානමක්

දිවයින පුරා රාජ්‍ය ඔසුසැල් 130ක් විවෘත කිරීමේ සූදානමක්

27 June 2025
ධීවර වරාය සංස්ථාවේ හිටපු සභාපතිත් අත්අඩංගුවට !

ධීවර වරාය සංස්ථාවේ හිටපු සභාපතිත් අත්අඩංගුවට !

27 June 2025
නිශාන්ත වික්‍රමසිංහත් අත්අඩංගුවට !

නිශාන්ත වික්‍රමසිංහත් අත්අඩංගුවට !

27 June 2025
”යුක්තියේ දේවතාවිය අපව බේරා ගනීවි” – කෙහෙළිය

”යුක්තියේ දේවතාවිය අපව බේරා ගනීවි” – කෙහෙළිය

27 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

දිවයින පුරා රාජ්‍ය ඔසුසැල් 130ක් විවෘත කිරීමේ සූදානමක්

දිවයින පුරා රාජ්‍ය ඔසුසැල් 130ක් විවෘත කිරීමේ සූදානමක්

27 June 2025
ධීවර වරාය සංස්ථාවේ හිටපු සභාපතිත් අත්අඩංගුවට !

ධීවර වරාය සංස්ථාවේ හිටපු සභාපතිත් අත්අඩංගුවට !

27 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved