• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home Uncategorised

JAT Holdings PLC 2022 SAPS ව්‍යාපාර විශිෂ්ටත්ව සම්මාන උළෙලේදී ප්‍රමුඛතම සම්මාන දෙකකින් පිදුම් ලබයි

15 December 2022
in Uncategorised
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකාවේ දැව ආලේපන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා ලෙස තමන් සතු පිළිගැනීම නැවත වරක් තහවුරු කරගිනිමින්, පසුගියදා පැවති South Asian Partnership Summit (SAPS) වැඩසටහනට සමගාමීව පැවති 2022 ව්‍යාපාරික විශිෂ්ටත්ව සම්මාන උළෙලේදී ප්‍රධාන පෙළේ සම්මාන දෙකකින් පිදුම් ලැබීමට JAT Holdings PLC සමත් විය.

බංග්ලාදේශයේ ඩකා නගරයේදී පැවති මෙම සම්මාන උළෙලේදී ‘විශිෂ්ටතම තීන්ත සහ ආලේපන නිෂ්පාදන සමාගම (මහා පරිමාණ)’ සහ ‘විශිෂ්ටතම තීන්ත සහ ආලේපන අපනයන සමාගම (මහා පරිමාණ)’ යන කාණ්ඩ වල සම්මාන JAT Holdings PLC වෙත හිමි වූ අතර, JAT Holdings PLC වෙනුවෙන් එහි ප්‍රධාන විධායක නිලධාරී/ විධායක අධ්‍යක්ෂ නිශාල් ප්‍රදිනාන්දු, අධ්‍යක්ෂ – විකුණුම් හා තාක්ෂණ, වසන්ත ගුණරත්න, බංග්ලාදේශයේ සමාගම් ප්‍රධානී රංග අබේකෝන් සහ සාමාන්‍යාධිකාරී – අලෙවි ඩිල්ශාන් රුද්‍රිගෝ යන මහත්වරු එම සම්මාන පිළිගත්හ.

“ගෝලීය COVID-19 රෝග ව්‍යාප්තියේ සිට, වර්තමානයේ රටේ පවතින බලශක්ති හා ආර්ථික අර්බුදයන් දක්වා මුහුණ දීමට සිදු වූ දැඩි අභියෝගයන් හමුවේ පවා අපගේ මූල්‍ය ස්ථාවරත්වය, අනුගත වීමේ හැකියාව සහ අභියෝග වලට මුහුණ දීමේ ශක්තිය කොතෙක්ද යන්නට මෙම සම්මාන සාක්ෂි දරනවා. මෙම සම්මාන සඳහා සලකා බලන ලද කාලසීමාව තුළදී අපගේ නිෂ්පාදන හැකියාව පුළුල් කරගනිමින් අප WHITE by JAT, Masters All-In-One Wood Coating සහ All-In-One Ceiling Coating වැනි නව නිෂ්පාදන වෙළඳපොළට හඳුන්වා දුන්නා. එමෙන්ම Sayerlack, J Chem සහ Brush Master වැනි අනෙකුත් සන්නාමයන් තවදුරටත් වැඩිදියුණු කිරීමටත් අප පියවර ගත්තා. ‘Backward Vertical Integration’ සංකල්පය කෙරෙහි අවධානය යොමුකිරීම නිසා, වඩාත් තරගකාරී නිෂ්පාදන හඳුන්වා දීමටත්, තිරසාර ලෙස සන්නාමය වැඩිදියුණු කරගැනීමටත් අපට හැකි වුණා. මෙම උත්සාහයන් ඇතුළුව තවත් බොහෝ දේවල් 2022 SAPS ව්‍යාපාර විශිෂ්ටත්ව සම්මාන පිරිනැමීම සඳහා සැලකිල්ලට ගෙන තිබූ අතර, මෙම සම්මාන වලට සුදුසුකම් ලැබීමට හැකි වන තරම් විශිෂ්ට ප්‍රගතියක් වාර්තා කරගැනීමට හැකි වී තිබීම අපට මහත් සතුටක්.” JAT Holdings PLC ප්‍රධාන විධායක නිලධාරී/ විධායක අධ්‍යක්ෂ නිශාල් ප්‍රදිනාන්දු මහතා පැවසී ය.

මෑතකදී හඳුන්වා දුන් උසස්ම ප්‍රමිතියෙන් යුත් Brilliant White තීන්ත එකතුවක් වන WHITE by JAT, කෙටි කාලයක් තුළ සුවිශාල ජනප්‍රියත්වයක් අත්කර ගත් අතර, මේ වනවිට එය JAT නිෂ්පාදන අතර ප්‍රමුඛතම නිෂ්පාදන එකතුවක් බවට පත් වී තිබේ. ක්ෂේත්‍රයේ ප්‍රථම වරට, මාර්ගගත අලෙවිකරණය සහ විකුණුම්කරණය පදනම් කරගත්, නැවුම් ආකාරයේ ඵලදායී ක්‍රමෝපායක් තුළින්, ශ්‍රී ලංකාවේ බහුජාතික නිෂ්පාදන වල ආධිපත්‍යයට නතුව පැවති තීන්ත වෙළඳපොළ වෙනස් කිරීමට එය සමත් විය. එමෙන්ම ස්වාභාවික සහ කෘත්‍රිම අමුද්‍රව්‍ය සංයෝගයක් යොදාගනිමින් Harris තීන්ත බුරුසු වල ප්‍රමිතිය සහ ක්‍රියාකාරීත්වය වැඩිදියුණු කිරීමටද JAT පියවර ගෙන ඇති අතර, මෙම වැඩිදියුණු කිරීම් එම නිෂ්පාදන වල පරිසර හිතකාමීත්වය හා තිරසාරත්වය වැඩිදියුණු කිරීමට උපකාරී වී තිබේ.

පසුගිය වසරේ සිදුකළ මූලික කොටස් නිකුතුව ඔස්සේ ලැබුණු අරමුදල් භාවිතයෙන්, විශේෂයෙන්ම බංග්ලාදේශයේ සහ අප්‍රිකානු කලාපයේ ව්‍යාපාරික කටයුතු ඇතුළුව සමස්තයක් ලෙස තම ජාත්‍යන්තර ව්‍යාපාර කටයුතු තවදුරටත් පුළුල් කරගැනීමට JAT Holdings PLC කටයුතු කළේ ය. මේ තුළින් අත්කරගත් මූල්‍ය ස්ථාවරත්වය සමගින් කලාපයේ ප්‍රමුඛ පෙළේ සමූහ ව්‍යාපාරයක් ලෙස ඉදිරියට පැමිණෙමින්, මේ වනවිට ව්‍යාපාරික පරිසරය තුළ පවතින අභියෝග වලට සාර්ථක ලෙස මුහුණ දීමට JAT සමූහ ව්‍යාපාරය සමත් වී තිබේ. මේ නිසාම තම අපනයන කටයුතු තවදුරටත් පුළුල් කිරීමටත්, බංග්ලාදේශයේ හා අප්‍රිකානු කලාපයේ මෙන්ම මාලදිවයිනේ සහ ඉන්දියාවේදී තම ව්‍යාපාර කටයුතු තවදුරටත් ව්‍යාප්ත කිරීමටත් JAT Holdings PLC සමාගමට හැකියාව ලැබිණි. මාලදිවයිනටම සුවිශේෂී වූ, මුළුමනින්ම ලංකාවේ නිෂ්පාදනය කරන දැව සහ සීලිම් ආලේපන එකතුවක් Masters All-In-One නමින් හඳුන්වා දීමටද JAT Holdings PLC කටයුතු කර ඇති අතර, මෙම වර්ධන ප්‍රවණතාවන් කෙටිකාලීන හා මධ්‍යමකාලීන වශයෙන් අඛණ්ඩව පවතිනු ඇතැයි සමාගම අපේක්ෂා කරයි.

දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටත්ව සම්මාන උළෙලේ අරමුණ වන්නේ, ලොකු කුඩා භේදයකින් තොරව ව්‍යාපාර වල සාර්ථකත්වය අගයන අතරම, එම සාර්ථකත්වයට උරදුන් පුද්ගලයන් ඇගයීමට ලක්කිරීම ය. අතිශය තරගකාරී වෙළඳපොළවල් තුළ සුවිශේෂී ප්‍රගතියක් අත්කර ගැනීමට සමත් වූ පුරෝගාමී සමාගම් මෙම සම්මාන වැඩසටහන තුළදී ඇගයීමට ලක්වන අතර, දකුණු ආසියානු හවුල්කාරීත්ව සමුළුව මගින් දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටත්ව සම්මාන පිරිනමනු ලබයි.

 

 

පිටපත -PR

 

Post Views: 2
Previous Post

හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය පූජා භූමියක් ලෙස සංවර්ධනය කිරීමේ ශ්‍රී සන්නස් පත්‍රය ජනපති අතින් පිළිගන්වයි

Next Post

ණය ගෙවීමට හැකි ආර්ථිකයක් ගොඩනඟනවා – ජනපති

editor

editor

Next Post

ණය ගෙවීමට හැකි ආර්ථිකයක් ගොඩනඟනවා - ජනපති

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
තුසිත හල්ලොලුවට වෙඩි ප්‍රහාරයක්

තුසිත හල්ලොලුවට වෙඩි ප්‍රහාරයක්

17 May 2025
එළවලු මිලට වෙච්ච වැඩේ

එළවලු මිලට වෙච්ච වැඩේ

16 May 2025
30න් පහළ විශිෂ්ටයින් අතරට 3ක් ලංකාවෙන්

30න් පහළ විශිෂ්ටයින් අතරට 3ක් ලංකාවෙන්

16 May 2025
ජීවිත නැති කරනවාට වඩා බලය අත හැරීම ගෝඨාභය තෝරාගත්තා

ජීවිත නැති කරනවාට වඩා බලය අත හැරීම ගෝඨාභය තෝරාගත්තා

16 May 2025

Recent News

තුසිත හල්ලොලුවට වෙඩි ප්‍රහාරයක්

තුසිත හල්ලොලුවට වෙඩි ප්‍රහාරයක්

17 May 2025
එළවලු මිලට වෙච්ච වැඩේ

එළවලු මිලට වෙච්ච වැඩේ

16 May 2025
30න් පහළ විශිෂ්ටයින් අතරට 3ක් ලංකාවෙන්

30න් පහළ විශිෂ්ටයින් අතරට 3ක් ලංකාවෙන්

16 May 2025
ජීවිත නැති කරනවාට වඩා බලය අත හැරීම ගෝඨාභය තෝරාගත්තා

ජීවිත නැති කරනවාට වඩා බලය අත හැරීම ගෝඨාභය තෝරාගත්තා

16 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

තුසිත හල්ලොලුවට වෙඩි ප්‍රහාරයක්

තුසිත හල්ලොලුවට වෙඩි ප්‍රහාරයක්

17 May 2025
එළවලු මිලට වෙච්ච වැඩේ

එළවලු මිලට වෙච්ච වැඩේ

16 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved